Ads Top

ඒක හැඟීමක් තර්ක නොතේරෙණ !


ඒක හැඟීමක් තර්ක නොතේරෙණ !

සිත්තම් මායා | අනූ පෙරේරා 

සටැලයිට් ෂොට් එහෙකට 
ඉන්දියන් සාගරය ෆෝකස් වූ විට 
සිරි ලංකාව පෙනෙන්නේ කෙලෙසද 
අන්න ඒ ලෙසටම 
තිබුණා පොඩිම පොඩි තිලකයක් 
ඇගේ නළලත මත 
හරි ලස්සනට ආඩම්බරේට 
ඉතිං ඒ වෙසඟේ  
ඇයවත් කැටුව ඇවිදින් 
ඇගේ බොදු යහළුවන් පන්සලට 
නුපුරුදුත් නෑ 
ඒ ආගමත් ආලෝකයට පහනට ලැදිනේ මේ ලෙසම 
ඉතිං ඒ දැල්වුණු පහන් අතරේ 
ඇයත් දීප්තිමත් දිවාලි පහනක් ලෙසට 
අපි අතර හරියටම තිබුණේ පහන් වැටක දුරක් බව 
තේරුණේත් නෑ එතරම්ම ඈතයි 
ඥාතිකමකට අපේ ආගම් දෙක 
ඇත්තමයි මම අහගෙන නුඹේ ඒ කැඩුණු සිංහල 
මමත් හිනැහුණා ඒවාට 
නුඹට නොදැනෙන්නට 
නුඹේ ළඟම යහළුවන් ලෙසම 
ඇත්තමයි පිච්ච මල 
අපටත් සමීපයි නුඹලාට සේම 
පුළුවන්ද මට විතරක්ම දෙන්න ඒ අයිතිය 
නුඹ දිහා හොරැහින් බලන්නට 
ආයෙත් නුඹට නොදැනෙන්නට 
ඒත් එකම වතාවක් කියන්න 
වැරදිද මම, 
එකම එක බැල්මකින් 
ආලයක් ගැබ් ගන්නට නොහැකිද හිතකට 
ෆිල්ටර් නොවේද අපි ගළපන ඒ ඉර හඳ තරු 
එහෙමත් නැතිනම් කුල ජාතිය එතකොට 
එහෙමනම් ඒක සාධාරණ හැඟීමක් නේද 
තර්ක නොතේරෙන 
නුඹ දන්නවාද ඒ මතකය 
තාමත් මා මනසේ භාවනාවක්ම බව 
ඉතිං හඳුනාගන්න මා කවුද යන වග 
නුඹේ මව්පියන් කිසිදා පිළිනොගන්නා සිංහලයා මම ! 

#අනුවා 

Siththam Maya | Anu Perera. Powered by Blogger.