Ads Top

වනචර ත්‍රිබල


වනචර ත්‍රිබල 

සිත්තම් මායා | අනූ පෙරේරා 

මේ සත්‍ය කතාවක් 
මගේම අත්දැකීමක් 
නිදහසයි කාන්තාවයි 
නිදහස් දිනය බදුල්ල දුම්රිය කොටුවෙන් උදෑසන 9.45
තෙරපි තෙරපි මමත් ඒකෙ ඇදුනා 
සෙනඟ වැඩිකමට මට සිදු උනා 
සීට් එකක් අතරේ ජනේලය ගාවට යන්නට 
මට ඉදිරියෙන් සුරංගනාවියක් 
පුහ්හ් , ඒකත් ලස්සනක්ද ?
එලෙස ඉරිසියා කරන්න උවමනා නැත මට 
ලස්සන දේට ලස්සන නොකියා වෙන මොනවා කරන්නද ?
මට මෙන්ම අනෙක් කතුන්ට ඇගේ ලාලිත්‍යය  
හැඟීම් විරහිත අදහසක් පමණි 
එනමුත් විරුද්ධ ලිංගිකයන්ට 
ඇය බඩුවක්ද ?
ඇයට පිටුපස 
සිටින්නා වූ පිරිමින් තිදෙනාටම 
ඇය ඇමක් වීද ?
ආවේගශීලි මා කෙසේ ඉවසම්ද ?
සිත කීවෙම,
" අක්කේ උඹට ප්‍රශ්නයක්ද ? " ඇසීමටයි 
එනමුත් ඇය පොෂ් වැඩිය 
" Akki are you okey ? "
මගේ දෙතොල් අග වචන ගිලිහුනේ ඉබේටමය 
" a...m... yah... " ඇගේ සිනාව දෙපැත්තකට පිළිතුරු දෙයි 
අම්මපා මුන්ගේ අහවල් ඒවා කැපිලම පල 
මම සිතින් වස් කවි ගැයුවෙමි 
මිහිරිගම මා ළඟ හිඳ ගෙන සිටි හතර දෙනෙකු බැසීමට නියමිතය 
" අක්කියා, ඔයා පිටිපස්සේ මහත්තුරු තුන් දෙනාට ඉඳ ගන්න ඉඩ දෙන්නකෝ, හිටගෙන ගිහිං මහන්සිත් ඇතිනේ " මම කට පණ ඇතුව තරමක ශබ්ධයෙන් කීවෙමි 
ඇය සිනාසෙයි 
මම බසින ඈයොන්ට ඉඩ දුන්නෙමි 
මොහොතක් ගත විය 
මම වටපිට බැලුවෙමි 
" අක්කියා කෝ අර මහත්තුරු ? "
ඇය සිනාසී 
" නංගියා ඔයා මාර forward අනේ "
ඔන්න අපි දෙන්න පොල්ගහවෙලට එනකං ගජ යාළුවෝ 
අන්න අර වනචරයෝ තුන්දෙනාට පිං සිද්ධ වෙන්ට 
මට තව යාළුවෙක් එකතු උනා 
මොනවා උනත් මට මං ගැන ආඩම්බරයි 
නකුට පු* ගහගෙන ඉන්න සමහර ගැහැණු වගේ නොඉඳ 
ඒ වගේ දේකට ගට් එක අරගෙන කතා කරන්න පුළුවන් උන එකට 
මං නිකමට කියන්නේ ගෑල් ළමයෙකුට 
ඒ වගේ දෙයක් වෙනකොට පොඩ්ඩක් ගට් එක අරගෙන බලන්නකෝ 
පිරිමියෙක් වගේ 
මාර රෙස්පෙට් දීලා මිනිස්සු බලන්නේ 
හරියට ජාතික වීරයෙක් වගේ 

- අනුවා @ කාන්තා හිංසනයට එරෙහිව 

Siththam Maya | Anu Perera. Powered by Blogger.