Ads Top

ඔයාට මාව මතකද ඒයි ?

 


ඔයාට මාව මතකද ඒයි ?
_________________

අමතකව ගිය නුඹව
කාලෙකින් මතක් විණි
මිතුරු කතාවක් මැද
අපේ ආදර කතාව දිග හැරුණි
සිනහා මැද නුඹ මතක් වෙනකොට
එදා මෙන්ම හිත රිදිනි
හිත් කොනක තවමත් ලියැලෙන
ආදරය නිසා බව දනිමි
නුඹව මම දනිමි
අපිව මම දනිමි

ඉතිං ඔබ මෙය නොදකින්න
හද කකියන්නට
කිසිත් නොකියන්න !

අනූ පෙරේරා | සිත්තම් මායා




Siththam Maya | Anu Perera. Powered by Blogger.