Ads Top

කොළොම්පුරයට හිරු පායනු දුටුවෙමි !

 කොළොම්පුරයට හිරු පායනු දුටුවෙමි ! 

_____________________________ 


කොළොම්පුරය එළිවෙන තෙක් 

කෙසේ ඇතිදැයි සිතිමි 

සගයෙකුට කතා කළෙමි 

නයිටක් දාගත්තෙමි 

ගෝ ප්‍රෝව සූදානම් කරගතිමි 


නයිට් කඩ වලින් කෑවෙමු 

මහන්සියටත් නිදි මතටත් කෝපි බීවෙමු 

පංති පරතරය දුටුවෙමු, ඒ ගැන කතා කළෙමු 

මූදු හුළඟ වින්දෙමු, ටැප් හවුස් එකේ නැටුවෙමු 

පොඩි ෂොට් එකක් දාගත්තෙමු 

කොන්ෂස් අන්කොන්ෂස් වූවෙමු 

හරස් වීදි වල නිදහසේ දිව්වෙමු 

පඩියක් උඩ හිඳ බ්‍රෑන්ඩඩ් දුමක් දැම්මෙමු 


බම්බා ස්ටේෂමේ විනාඩි විස්සක් නිදාගත්තෙමු 

පයින් යනකම් දෙහිවලට දුම්රියක් යැයි සිතුවෙමු 

පෝය හඳ පාළු මකමින්, තාරුකා පාර කියමින් 

අපිත් ජීවිතය ගලපමින් 

ගියේ ට්‍රැෆික් පොලිස් ප්‍රශ්න දාහක් අතරින් 

ගැහැණියක නිසාවෙන් 

පසෙකට වැටෙන තැන රිජෙක්ට් වෙන තැන 

මම පළි ගත්තෙමි, එය දිනා පෙන්වුවෙමි 


ඉර සේවය බලන්නට සැරසුණි 

ටයිම් ලැප්ස් ඔන් කරගෙන ගෝ ප්‍රෝවත් රෙඩි වුණි 

පැය ගාණක් ගතවුණි, හිරු දෙවියන් නැතිවම එළියත් වැටුණි 

බස්නාහිරින් ඉර පායනු නැති බව එදා උගෙන ගතිමි 

සමහර අපේ ගතිගුණත් එහෙමම බව සිතුවෙමි !! 


අනූ පෙරේරා | සිත්තම් මායා 

Siththam Maya | Anu Perera. Powered by Blogger.