Ads Top

එතැනම හිඳිමි !

siththam maya life love poetry

නුඹ එනවා බලා සිටියෙමි

හිතවත් වෙනවා දුටුවෙමි

නික්මෙන්නට පෙර

ඇයි දැයි ඇසුවෙමි

පිළිතුරක් නොලද්දෙමි

නිරුද්ධව බලා නොබලා සිටියෙමි


නුඹෙන් සිත අහකට

ගන්නට බැරි විණි

නුඹ හොඳින් දැයි

අසන්නටත් සිතුණි

මුණිවත රැකුණි

කාලය ගත වුණි


මා එතැනම හිඳිමි

සීත සෘතුවට පසුවත්

දිනක් ඇති බව දැනගත්තෙමි

ඉතිං මම නුඹ අමතමි

පමා නෑ නුඹ ආයෙම එන්න !

සහෘදයින් හා යළි මහා පොළව

හරිත ගන්වන්න !


අනූ පෙරේරා | සිත්තම් මායා

Siththam Maya | Anu Perera. Powered by Blogger.