Ads Top

එම්පතිගේ සුබ උපන්දිනය !


එම්පතිගේ සුබ උපන්දිනය !

සිත්තම් මායා | අනූ පෙරේරා 

උදේ පාන්දර නමයට පමණ 
පේස්බුක් එකට පිං අයිතිවන්නට 
මා දැනුවත් වුණා අද යනු 
අපේ බයිස්කෝප් ගැන්සියට එකම විනයක් වුණු 
කොල්ලන් දාහකගේ පමණ 
අහෝහ් සමාවන්ඩ 
කෙල්ලන් දාහකගේ පමණ සිත බිඳි 
ඒ සැක්සි යුවතියගේ 
උත්පත්ති දිනය බව 
සල්ලි සල්ලි කියලා බැලුවේ නෑ මිත්‍රවරුනි 
මම ගත්තා වට්සැප් කෝල් එකක් 
රාළහාමි බිල ගෙවන 
අන්තර්ජාල පහසුකම උපයෝගිකරගෙන 
අනේ වන මෘගයෙකුටවත් වෙන්නෙපා 
මෙවැනි ඛේදවාචක 
සුබ අලුත් අවුරුද්දක් වේවා යැයි පතන්නට 
සබ්ස්ක්‍රයිබර්ස්ලා මිලියනයක් අපේක්ශාවෙන් 
මා ගත් දුරකථන ඇමතුම 
ඇය ආන්සර් කළේ 
පාන්කඩ ගිලි කපුටෙකු විලසිනි 
අහෝ මැතිණිය නුඹ අසනීපෙන්ද විමසූ විට 
ඇය අහිංසක මාගේ ඇගට කඩා පැන්නේ 
නිදාගන්න දීපාං යැයි කාරුණික ඉල්ලීමත් සමඟය 
අක්කණ්ඩිය අද නුඹගේ උපන්දිනය 
මා ඉතා සිල්වත් ලීලාවෙන් ඇයට එය මතක් කොට දුන් නමුත් 
ඒ වන විටත් ඇය අපගෙන් සමුගෙන අවසානය 
අයි මීන් නිදි වැදී අවසානය 
දීර්ඝ ආයුශ පැතූ නමුත් අවසානයේ මා හට මේ නරඹන්නට සිදු වූ නාඩගම කුමක්ද 
ඉතිං මිත්‍රවරුනි 
මේකයි ප්‍රශ්නය 
සිරි ලංකාව තවමත් දියුණු වෙමින් පවතින 
රටක් වුණේ වෙන කිසිම දෙයක් නිසාවෙන් නම් නොවේ
මෙවැනි කම්මැලියෝ ගොන්අලියෝ සිටින තාක් 
අප ශ්‍රේෂ්ඨ නායක සිරිසෝම මහතාටවත් 
ලක්දිව ගොඩගන්නවා බොරුය 
ඔබ සැමට සුබ උපන්දිනයක් වේවා 
මගේ කතාව අවසානයි 
අසා සිටි ඔබ සැමට කන්දෙ දෙයියන්ගෙම පිහිටයි 
මේ මලසමයං කියවනවට 
උඹලාට ඇද්ද මිත්‍රවරුනි 😂

#අනුවා 

Siththam Maya | Anu Perera. Powered by Blogger.