Ads Top

අපි , " හදවතින්ම සිරි ලාංකිකයි " !


අපි , " හදවතින්ම සිරි ලාංකිකයි " !

සිත්තම් මායා | අනූ පෙරේරා 

අපි තරම් අපේ උන්ට කුහක වුණු ජාතියක් 
අපි තරම් අනෙකාට වැරදෙනකොට තුටු වුණු ජාතියක් 
අපි තරම් ගේ ඇතුලේ මරා ගන්නා ජාතියක් 
ලෝකයා එහෙමයි සිතාන උන්නේ 
අපි අපිත් සිහලුන් ගැන සිතා සිටියේ 
හැබැයි දන්නවද 
අපේ කෝන්තර ගේ ඇතුලේ විතරක්ම බව 
එරෙහි උනදෙන් එකම බලවේගයක් 
ලංකා මාතාවට 
එකම අතක් තියාපන් අපේ මාතෘ භූමියට වෛරයෙන් 
උඹලා දැවේවි - අළු වේවි 
එතරම් එකමුතුයි ශ්‍රී ලාංකිකයන් 
එතරම් ශක්තිමත් උන් 
අපේ රට පට්ට පොඩියි වෙන්නැති 
හැබැයි මේ දේශයේ හුස්ම ගන්නා උන් 
ඒකට පණ ඇරලා බං 
ලොව මානුශියතම ත්‍රිවිධ හමුදාවට 
අපගේ ගෞරව උත්තමාචාරය 
එකවරක් නොව දස දහස් වාරයක්ම 
ආසන්න හැට හය දහසක 
මාගේ මාතෘ භූමිය - අපගේ මාතෘ භූමිය 
දිවි පරදුවට තබා රැක දුන්නාට, රකිනවාට 
එලෙසම මේ උත්තමාචාරය 
ඒ සෙබළ සුනඛයින්ට 
මිනිසුන් කළ නොමනා නිර්මාණ 
තිරිසන් නුඹ සොයාදුන්නාට 
ස්තූතියි සුනඛ සෙබළුනේ 
මාගේ රට ඉදිරි ව්‍යවසනයෙන් බේරාගත්තාට 
මේ පූජනීය උත්තමාචාරය 
මාගේ සංඝයා වහන්සේලා ඇතුළු බෞද්ධයින්ට 
කිතුණුවන්ට අපගේ පන්සල් භූමිය විවර කළාට 
උන් වෙනුවෙන් බෞද්ධ නුඹ පෙනී සිටියාට 
උන්ට හඬන්නට කර උර දුන්නාට 
එලෙසම කිතුණු ආගමික නායකයින්ට 
වෛරයෙන් වෛරය පෝෂණය නොකළාට 
ඉවසිලිවන්තව ප්‍රඥාවෙන් රටේ නීතියට සහය දුන්නාට 
අවශ්‍ය ක්‍රියා ගැනීමට අවවාද අනුසාසනා දුන්නාට 
එලෙසම මේ ආචාරය 
යහපත් දෑ වැපුරූ,, යහපත් දෑ නිමවූ 
සියළුම සමාජ ජාලා ඇඩ්මින්වරුන්ට 
සහ ඒවා හතර අත හුවමාරු කරගත් තාරුණ්‍යය ට 
සමාජ ජාලාවෙන් අපේ අභිමානවත් බව 
ලෝකයාටම පෙන්වූ අපටම 
මෙය උත්තමාචරයක්ම වේවා 
අංශුවකින් හෝ ත්‍රස්තවාදයට එරෙහි වූ නුඹට 
හද පත්ලෙන්ම සිරි ලංකාව නියෝජනය කළ නුඹට 
මාගේ අති උත්තම ගෞරවය 
මේ සමඟ ලියා එවමි 
එහෙම නම් ඒ කතාව හරියටම හරි 
"අපි යක්කු බොලව්" !

අපි , " හදවතින්ම සිරි ලාංකිකයි " !

#අනුවා 

Siththam Maya | Anu Perera. Powered by Blogger.