Ads Top

වැතිරුනෙ කාගෙම හරි ලේ ය


වැතිරුනෙ කාගෙම හරි ලේ ය

සිත්තම් මායා | මකරි 

තැන තැන අතුනුබහන්
අදින කුණු කපුටන්ය
මළානික වුනත් හිරු කිරණ
බෙදුවෙ එක හැන්දෙන්ය....

කෑලි කැපිය හැකි දුරක
කැපුවෙ ඇට මස් ලේ නහරය
පරාජය හෝ දිනුම ලඟ
වැතිරුනෙ කාගෙ හරිම ලේ ය...

ආදරය ගැන ප්‍රශස්ති
ලිය නොවුන කතරක්ය
එහෙම තැන් වලත් නැත්තෙ
හිතක් පපුවක් වගෙ එකක්ය

සුදු මල් වැඩිපුර මොකද
පාවඩ එලුවෙ රහසක්ද?
වැළලුවෙ කර තියන් ගොස්
පරපුරෙ එකෙකුන් නොවෙද්ද?

#මකරි 

Siththam Maya | Anu Perera. Powered by Blogger.