Ads Top

රෝමාන්තික මෝතක් !


රෝමාන්තික මෝතක් ! 

සිත්තම් මායා | අනූ පෙරේරා 

ඒක 
මං ආසම කරපු විදියට වහින වැස්සක් 
තාලෙට නෙවෙයි කිසිම අණක් ගුණක් නැතුව 
හෙමීට ඔහේ පිස්සෙක් වගේ වහින වැස්සක් 
දිසාවක් කළාවක් නැතුව වහින වැස්සක් 
ගොරව ගොරව නවත නවත රවට රවට වහින වැස්සක් 
මං දැනගෙනම උන්නේ 
කාමරේ ජනෙල්ලේ ඇරියොත් තක්කෙටම මං 
ඒ ඔහේ පිස්සු නටන හිරිකිඩ ට තෙමෙන බව 
එපා බං එපා 
කවුරුම හෝ මාව නවතාලන්නට හිතන්නටත් ඇති 
බාගදා කියනා දෙයක් නාහෙට නොඅසනා නිසා මා හට 
නොඇසෙන්නත් ඇති 
අඩුවකට තිබ්බේ අර මගේ ආසම කෝපි කෝප්පය විතරමයි 
ඒ කිසිම දේක දැවෙන අවැසිතාවක් මට තිබුණෙම නැත්තෙත්
බාගදා මහාරාණිය මා අසලම සිටි නිසා වෙන්නත් ඇති  
නිවසේ ඉන්න හැම හවසකම වගේ 
අපි දෙන්නා සෙට් වෙනවා බරම බරම ඕපා දූපයකට
ගමේ වෙන වලි, උත්සව, ඉස්කෝලවල මාට්ටු කරන ගන්න පොඩි උන්ගේ ලව් හුට පට ගැන
ඉතිං මං ෆුලී අප්ඩේටඩ් 
අන්තර්ජාලය හසුරවන්නට නොදන්නා මහාරාණීය 
කොලොම්පුරේ සිද්ධ වෙන හැම මගෝඩියක්ම, හැම අභිමානවත් දෙයක්ම, පාර්ලිමේන්තුවෙ වෙන මංගල්ල වල සවිස්තරාත්මක විස්තර එහෙමත් 
රූපවාහිනියෙන් ඇරුනාම දැනගන්නේ මේ මගෙන් 
විස්වාස කරන්ඩ මාව 
අම්මත් එක්ක දුවක් ඕපයක රෙද්දක් අපුල්ලනවා තරම් කික් එකක් 
ඔය කිසිම ගොසිප් එකක් අහනකොට එන්නෙ නෑ
ඉතිං මං ඒ පිට බයිලා වලට සම්බන්ද වෙන්නෙත් නෑ 
කෝපි නැති උනාට මොකද බං 
ඒ ගොරවන කරන්ට් එකත් නැති හවස 
අපි දෙන්නාගේ කයිය සුවඳවත් කළේ 
ලංකන් තේ රොඩ්ඩට 
රාළහාමි හිටෝපු ඉඟුරු දාපු හින්දා කියන එකනම් 
එක හෙළාම කිව යුතුයි 
අර කරුණේ ලාගේ ගෙදරදි මාට්ටු වුණු හොර සම්බන්දේ තියාගත්තු ගාමිණියා ආයෙත් ගමට ආපු 
වික්‍රමය ගැන කිය කියා ඉද්දී මෙන්න මේ අකුරු ටික හෙමීට මහාරාණී යට හොරෙන් ටයිප් කරනා ලදි 

#අනුවා 

Siththam Maya | Anu Perera. Powered by Blogger.