Ads Top

යක්ෂ සෙන්පති


සිත්තම් මායා | මකරි 

හැමදාම ගිනියමින් තම්බා 
බඩවැලුත් මරදුක්ම වින්දා 
උඩටම ඇද ඇද දුම් පිම්බා 
තාත්තා කොළඹ යකෙක් අම්මා 

පංතියෙ ටීච ලන්සි නැන්දා  
කෙටි සාය උස්ස උස්සා 
කිව්වා එක කතාවක් මට 
රහසේම ඉඟ නෙරිය ගස්සා 

බඩින් පෙකිණි වැල කපලා 
ගත්තලු මාව එළියට ඇදලා 
විසි කරද්දි කුණු කාණුවට 
ගත්තා කිව්වා උඹෙ අම්මා 

ඊයෙ හවසත් බීලා අඩි හප්පා 
ඉල්ලත් මාව අම්මෙ බුදු තාත්තා 
නෙරිය අස්සෙ කොනම හංගා 
හැට්ටේ ලේ පාට වුනෙ ඇයි මන්දා 

"දැන් අම්මේ බුදු වෙන්ඩ බැරි වෙයිද මන්දා " 

මකරි
Siththam Maya | Anu Perera. Powered by Blogger.