Ads Top

හයිය වෙනවද මගේ දවසට !


සිත්තම් මායා | අනූ පෙරේරා 

මට ඇත්තටම දැනුණා 
අනාගත කාලයක හුදෙකලාව 
දැනෙන තනිකම පාළුව 
තව ටිකම ටික  දිනකින් 
උදා වෙන මගේ සුබ උපන්දින මොහොත 
තනිකරවම තනිවම 
ගෙවා දමන්නට වෙන බව 
කොටුවී ඒ රස්නේ නගරය කොලොම්පුර 
දන්නවද 
පෙර කිසිවක් එහෙම නොවුණු බව 
ඔව් ඇත්ත, උපන්දින සප්‍රයිස් වී නැතිම බව 
ඒත් බං මේ උදා වෙන එක 
ගෙවන්නට වෙනවනේ 
කවුරුත්ම නැතුවම 
ආගන්තුක නගරයක 
මතක් වෙනකොටත් හිරි පිපෙන හුදෙකලාවක 
මහාරාණියගේ රස්නේ හාදුව නැතිවම 
රාළහාමිගේ නාඩගම් සුබ පැතුම ලයිව් නැතිවම 
මට තාමත් තේරෙන්නේ නෑ 
තාක්ෂණය කපාගෙන එන ආදරයක රියල් ගතිය 
ඒකයි මං ජනප්‍රිය වෙලා ඉන්නේ the best hugger ලෙස 
මං ලඟින් ආස්සරේ කරන උන් අතර 
මට ඕනෑ එහෙම 
ආදරේ පිට කරන්න උපරිමේටම 
ආදරේ ලබන්න උපරිමේටම 
හරිම පිළිවෙලකට, හරිම පිරිසිඳුවට 
අර ඔයාලට දැනිලා තියෙනවාද 
ශාරුක් හිනාවෙවී අඬනකොට අපිට දැනෙන වේදනාව 
කඳුලුත් නැති, පිටවෙන්නෙත් නැති 
පපුවේ කුහරයක හිරවෙලා තියෙන 
හෙමීට උගුරත් පුච්චගෙන උඩගහන දොම්නස 
ඇත්තමයි මිතුර 
ඒක ගෑස්ට්‍රික් වලටත් වඩා අමාරුබව 
කියලා තියෙනවාද මං මීට පෙර 
ඉතිං දයාබර කොලොම්පුර 
පොඩ්ඩක් විතර හයිය වෙනවද 
අල්ලාගෙන ගෙවන්නට ඒ දවස මට 
මේ ඉමෝෂනල් කතන්දර මැද 
කුළුඳුලේ ලබැඳියන්ගෙන් පිට 
තනියම ගෙවන උදාවෙන 
මගේ දවසට ! 

#අනුවා 

Siththam Maya | Anu Perera. Powered by Blogger.