Ads Top

එහෙමද එපමණද සොඳුරී ❤


සිත්තම් මායා | වරුණ ජයසිංහ 

යළි ඒවි යැයි මඟ බලාගෙන නො ඉමී 
අපි දැකපු හීනයක ළඟටවත් නොයමී 
රෑ කළුවරට හැමදේම නොසඟවා කියමී 
අවශේෂ හාදුවක් ළඟ තියාගෙන ලියමී 
ඉතිං.........
ප්‍රේමයන් එහෙමද එපමණද සොඳුරී

පලින් පල හදවතම බිඳලූ 
රිදුම් එහෙමම තිබියදී .....
සුසුමකින් හැමදේම යා හැකිද බොඳ වී 
ඉතිං..........
ප්‍රේමයන් එහෙමද එපමණද සොඳුරී 

කලින් කල සිනාවන් ඉසිලූ 
පැතුම් එකිනෙක මිලින වී ......
හැඟුමකින් මා දැවිය හැකිවෙද දුක් දී 
ඉතිං..........
ප්‍රේමයන් එහෙමද එපමණද සොඳුරී

- වරුණ ජයසිංහ 

Siththam Maya | Anu Perera. Powered by Blogger.