Ads Top

මේක පිටසක්වල ගැන කතාවක්


සිත්තම් මායා | මකරි 

ෆෑන් හුලඟින් හුස්ම ලන
කරන්ට් එක නැතත් රැස් කන
නොවරදවාම කට්ටට මස් කන
පිරිසක් ඉන්නවා ගාලකට 
කොටු වුන

ළඟදිත් උන් කළුවරේ නේද
හාල් මොකටද පාන් කාපිය
රෙදි නැතත් හම්බ කරාපිය
මචං උන්ගෙ හැටියට අපි
කොරනවා වැඩී ටක්කෙටම

ලෝර්ඩ් මදි කියනවා නම් පටවන්න 
තව තවත් කපන්න හැකි ඉක්මනට
දෙයියන්ගේ හාල් කැවුනම අමතකයි
බත් දුන්නෙ හැමෝටම අම්මා බව

සෝපානක හිර වෙච්ච සෝපාකලා
බුදුන් දැක නිවන් දකින්න දෙසන
නමෝ තස්ස අහමුද අපිත් ඉඳගෙන 
සාදු කිව්වම වැටෙයි කටට සුළුදිය

එහෙමත් කරලා බැරි වුන දවසක
කෑලි හතරට පහට කපලා හැඩටම
බර ගාණට විකුණන් කන්න හැකි රටක් 
චීන්නුවත් දැකලා නැතුව ඇති මීට ඉස්සර 

"ඤමෝ ඤෂ්චිං කිය කිය බණ කියයි උන් ඇවිත් දවසක"

#මකරි
Siththam Maya | Anu Perera. Powered by Blogger.