Ads Top

ලාංකේය සිනමා සඟරාවේ හැරවුම - cellywoodstars - ඇන්ජලා කුරුප්පු


සිහින දකින්න අපි හැමෝටම පුළුවන්. නමුත් සිහින ජිවිතයේ කොටසක් කරගනිමින් පසුපස හඹා යන්න හැමෝටම පුළුවන්කමක් නැහැ. ඇත්තටම පුළුවන් කමක් නැහැ නෙවෙයි ඒ සඳහා අවශ්‍ය කරන ආත්ම ශක්තියක් ගොඩනගාගන්න ගොඩක් අය උත්සහ කරන්නේ නැහැ කිව්වොත් නිවැරදියි. “ඇන්ජලා කුරුප්පු” සිහින, බලාපොරොත්තු, ජීවිතයේම එක අංගයක් කරගනිමින් ඒවා තවදුරටත් සිහිනම පමණක් කරනොගත් දක්ෂ ව්‍යවසායිකාවක්. ඇය ව්‍යාපාරික කාන්තාවක් වගේම නිෂ්පාදිකාවක්, ආදරණීය මවක්, බිරිඳක් ලෙසත් සැම දෙයම සාර්ථකව කළමනාකරණය කරන්නියක්. අද අපගේ ප්‍රවිෂ්ඨය වන්නේ ඇය සාර්ථකව පවත්වාගෙන යනු ලබන Cellywoodstars සඟරාවයි. ඒ වගේම තමාගේම ව්‍යාපාරයක් ආරම්භ කිරීමට අදහස් කරන ඔබට අපිරිමිත විශ්වාසයෙන් හා කැපවීමෙන් කටයුතු කිරීමට සැබවින්ම ඇයගේ පිළිසඳර න්‍යායාත්මක ප්‍රවේශයක් ද ලබාදෙන බව නම් නිසැකයි.



Ø සැම විටම සිහින දැකිය යුතුයි.

“ මම සැමවිටම හැම දෙයක් පිළිබඳව සිහින මවන කාන්තාවක්. ජීවත් වීමට සිහින දැකිය යුතුය. එසේම එම සිහින ඉටු කරගැනීම උදෙසා කැපවිය යුතුයි. කිසිම දෙයක් පහසුවෙන් ලබාගැනීමට අපහසුයි. ප්‍රථමයෙන් අප දකින සිහිනයට ලඟා විය හැකි මාර්ගය සොයාගත යුතුයි. ඒ පිළිබඳව නිසි හැදෑරීමක් සිදුකර දැනුමෙන් සන්නද්ධව පරිණතබාවයට පත්විය යුතුය. මම මානව සම්පත් කළමනාකරණ අංශයේ රැකියා කිහිපයක නිරත වූවා. ඒ තුළින් ලබාගත් පරිණතබාවය සමඟ මගේම ව්‍යාපාරයක් ආරම්භ කිරීමට මා අදහස් කළා. ඒ සිතුවිල්ල අද මා සිටින තැනට මා මෙහෙයවනු ලැබුවා කීම නිවැරදියි. ”

Ø අසාර්ථකත්වය අත් හැරීමට හේතුවක් නොවේ.

ඔබගේ ප්‍රථම උත්සාහයේදී ඔබ අසාර්ථක වූ අවස්ථා තිබෙනවා. නමුත් අසාර්ථකත්වය අත්හැරීමට හේතුවක් කරගත යුතු නැත. එය හේතු විය යුත්තේ ඔබගේ නැඟිටවීමට පමණයි. ඒ සමඟ ඔබගේ දුර්වලතා හා ශක්‍යතා හඳුනාගෙන මට පුළුවන් යන ධනාත්මක සිතුවිල්ල සිත තුළ ජනිත කරගත යුතුය. ජවය, ශක්තිය යන කරුණුත් වැදගත් සිතට නැගෙන කම්මැලිකමත් අපව පරාජය කරන එක් සතුරෙක් ලෙස මා දකිනවා.



Ø ලොව දිනීමට පුරුෂයෙක් විය යුතුම නෑ

කාන්තාවක් වීමම අභිමානයක් ලෙසයි මා සිතන්නේ කාන්තාවකගේ ජයග්‍රහණයට සමාජයේ පුළුල් පිළිගැනීමක් ලැබෙනවා. කාන්තාව උපතින්ම රැගෙන එන දරාගැනීම, කළමනාකරණ හැකියාව වැනි ගුණාංගයන් සාර්ථක ව්‍යවසායිකාවන් වීම උදෙසා හේතුසාධක වෙනවා. ගැහැණිය යමක් ආරම්භ කිරීමට  බිය වන අවස්ථා ද තිබෙනවා. නමුත් ප්‍රථමයෙන් ඇයගේ විනය සහ පෞර්ෂත්වය ගොඩනගාගන්නේ නම් බිය වීමට අවශ්‍යවන්නේ නැහැ.  


 Ø සානුකම්පිත බව ව්‍යාපාරික ඉදිරි පැවැත්මට බලපානු ලබනවා.

ගුණයහපත්කම, සංවේදීකම වැනි මානුෂිය ගුණයන් ද අප සතු විය යුතුයි. මා නිතර මා සමඟ සිටින සේවකයන්ට උපරිමයෙන් සැලකීමට කැපවෙනවා. ඔවුන්ගේ සතුට මත ව්‍යාපාරයක රඳාපැවැත්ම පැවතෙනවා. ඔවුන්ගේ අමතර දීමනා මා ඉතා සතුටින් ලබාදෙනවා. ඔවුන්ට අවශ්‍ය නිවාඩු පිළිබඳවත් සිතිය යුතුයි. දයානුකම්පිත ගුණයෙන් යුක්ත වීම ව්‍යාපාරයක් සාර්ථක වීමට බලපාන බව මගේ මතයයි.


Ø ව්‍යාපාර ලොව හා කලාව අතර ඇති සබඳතාවය වැදගත්

ව්‍යාපාරික කටයුතු සමඟ කාර්යබහුල වන මනස සැහැල්ලු කරගැනීමට මා තෝරාගත් මග කලාවයි. කලාවෙන් මා පමණක් නොව අන්‍යයන් පිනවීමට අවස්ථාවක් ලැබීමත් මට සතුටක්. මා ටෙලි නාට්‍ය කිහිපයක්ම නිෂ්පාදනය කරනු ලැබුවා. විෂ්ණුක්‍රාන්ති, මෙඩිසිනා, වැනි නිර්මාණ ප්‍රේක්ෂකයන් ආදරයෙන් වැළඳගත් එවැනි නිර්මාණ කිහිපයක් ලෙස පෙන්වාදිය හැකියි.

Ø ඇත්තටම cellywoodstarsඅපි වෙනස්

බොහෝ විට මාධ්‍ය ඔස්සේ කතා බහට ලක් වන්නේ රංගන ශිල්පීන්/ශිල්පිනියන් පිළිබඳව පමණයි. නමුත් cellywoodstars අපි එය හාත්පස වෙනස් ස්වභාවයක් ගන්නවා. තාක්ෂණ අංශය, නිෂ්පාදනය,අධ්‍යක්ෂණය ඇතුළු සෑම අංශයකම දක්ෂයන් අප ඇගයීමට ලක් කරනවා බොහෝ විට නිෂ්පාදකවරුන් විශාල අවධානමක් දරමින් කැපකිරීම් සිදුකලත් ඔවුන්ව ඇගයීමට ලක් වන්නේ නැහැ. ඔවුන්ව ඇගයීමට ලක්විය යුතුයි. යන පණිවිඩය cellywoodstars හරහා සමාජගත කිරීමට මා උත්සහ දරනවා.



Ø Cellywoodstar හි ආගමනය

අපේ රටේ රංගන ශිල්පීන්/ශිල්පිනියන් සඳහා ජාත්‍යන්තර මට්ටමේ අනන්‍යතාවයක් ගොඩ නැගී නැහැ. ඒ නිසා මට අවශ්‍ය වුණා ඔවුන් වෙනුවෙන් දෙයක් කිරීමට “Filmfare සඟරාවට සමාන කලා සඟරාවක් ආරම්භ කිරීමට මගේ අරමුණ වුණේ. අපේ රටේ කලා ක්ෂේත්‍රය විශාල මට්ටමක නොමැති නිසා Filmfare ප්‍රමිතියට ලඟා වීම තරමක් අසීරු කටයුත්තක්. නමුත් වර්තමාන සිනමාවේ පවා උද්යෝගයක් ගොඩ නැගී ඇති බව පෙනෙනවා. ඒ හේතුවෙන් cellywoodstar ඉදිරියේදී තව තවත් සාර්ථක වෙනු ඇතැයි මා සිතනවා. අප දැනට සමීක්ෂණ, නව එකතු කිරීම්, සමඟ ඉදිරියට ගමන් කරමින් සිටිනවා.

සටහන - පියුමි හෙට්ටිආරච්චි      

Siththam Maya | Anu Perera. Powered by Blogger.