Ads Top

අපිට ඇස්වහ වැදුනා ඒයි !


අපිට ඇස්වහ වැදුනා ඒයි ! 

සිත්තම් මායා | අනූ පෙරේරා 

මං කල්පනා කරන්නේ මේ  
ඒ එකා දෙන්නා නැතුව කොහොමද 
මං දවස් පහක් අදින්නේ කියලා 
පොඩ්ඩකට කන තියලා බලපන් 
ඇහෙනවද පිච්චෙනවා මගේ පපුව 
මේ කාල සීමාවම 
දෙවියනේ ඔයත් හරිම 
පුදුම විදියටනේ පරික්ෂා කරන්නේ මගේ හයිය 
එක පාරට පුදුම සන්තෝසයක් දීලා 
එක පාරටම කුඩු වෙන්නම ඇදලා දානවනේ බිමට 
දරන්න බෑ බං දෙවියනේ 
තේරුම් ගනින්කෝ උඹත් සිරාවට 
බාගදා මේ මගේ සෙනසුරු එරාෂ්ටකේ ද 
ගෙවෙන්නේ හෙමිහිට 
උන්ගේ පිටින් මගේ හිත හරියට පාරමින් 

බාගේ බාගේ බෙදාගත්තු අපේ ඒ ආදර කතාව 
පටන් ගත්තේම හව් ඊස් යුවර් ආර්ම් ලෙස අසමින් නේද 
කොහොමද බං අමතක කරන්නේ උඹලා 
මහරාණියගේ බත් එක 
ප්ලීස් ඔහොම දාලා යන්නෙපා සොඳුර 
මාත් මිනිසෙක්, ඒ බව මතක තියාගන්නවද ... (මීනුදු)

මතකද ලොකු පූ ටෙඩියෙක් දුන්නා මං උඹට 
බලාගන්නවද ඌව, අපි ආයෙත් හමු වන තුරුම 
මතක් වෙනවා බං, මං උඹ හා රණ්ඩු වුණු තරම 
සමාව දෙනවද පුළුවන්නම් ලොකු ඩිස්කවුන්ට් එහෙකට ... (සතී)

අද උඹ ඇන්ද ඇඳුමට මං ලස්සනයි කිව්වා නේද 
ආසයි කිවූ හින්දා පානුත් කඩලා දුන්නා උඹ කන එකෙන්ම 
අනේ මං කා එක්කද ආයේ අර හෙන මොංගල්ම 
හයි ෆයිව් එක දාන්නේ සෙට් වෙන හැමතැනම ...... (තිලක්ෂා)

ඒකි තාම පොඩි ඒකි බං ඒ උනාට හෙන කටකාර 
ජයන්ට් ටෙඩියෙක් ඉල්ලා මේ දවස්වල කතාබහට ලක් වුණුම 
ඒ ටෙඩියට නම දැම්මේ අපි ජයන්ත 
උඹේ මූණත් නැද්ද හෙට සිට සදහටම...... (දිල්ෂි)

ඒ මට හිටිය හෑන්ඩ්සම්ම අයියාහ් නොවේද 
මේ ළඟදිත් පන්දාහක් මාරු ඉල්ලුවා මතකද උඹට 
අපි ගමේ විදියට පොෂ් වුණා හැමතැනකදිම 
කොහොමද බං එහෙම අමතක කරන්නේ එක පාරටම .... (ෂොහාන්)

මේ ලඟදි අපි ආසිරි ගියා එකට, පාරත් වරද්දාගෙන 
හැමෝගෙන්ම අහගෙන, හතර අතේ උන් අයට ඇද කියාගෙන 
ඒ පාපය පඩිසන් දුන්නේ මටම 
මේ අවුරුද්දේ බොඩි චෙකප් එක කරගන්න ඉඩ ලැබුණේ නෑ මට 
හැබැයි උඹ ෆයිට් කළා වෙනුවෙන් මම 
ආයෙත් එහෙම සපෝර්ට් එකක් ඕනේ උනොත් දෙනවද ....... (නිරෝෂා)

#අනුවා


Siththam Maya | Anu Perera. Powered by Blogger.