Ads Top

විවේචනද ඇසුවෙමි !


විවේචනද ඇසුවෙමි !

සිත්තම් මායා | අනූ පෙරේරා 

මම හිතුවෙම නෑ 
ඒක ලොකු ඉෆෙක්ට් එකක් වේවි කියලා 
ඊයේ මුළු රෑම නොනිදා අවුල් යන තරමෙන් 
සිරාවටම මම 
චිල් පහේ ඉන්න ඩෑල් එකක් බව 
දන්නවනේ උඹලා ඔක්කොම 
ඔය චූටි චූටි මල සමයං වලට අවුල් නොගන්න 
එත් බං දන්නවද 
ඒ යූටියුබ් කොමෙන්ට්ස් දෙක තුනට 
කැඩුනනේ මගේ හිත 
හතර පහටම 
බාගදා ඒ බැනුම් වල 
අපේ ගුරුවරුනුත් ගෑවුන නිසා වෙන්නැති 
මගේ සහෝදරයොත් අදාළ වුන නිසා වෙන්නැති 
ඒත් නැතිනම් ඒ සමාජ ජාලයකින් අහපු 
පළමු බැනුම නිසා වෙන්නැති 
නෑ නෑ ඒක වෙන්න බෑ 
විවේචනයක් දරාගන්න බැරි 
කෙල්ලෙක් නෙවෙයි මම 
මම හරි හයියයි 
ඒක ෂුවර් මට 
තක්කෙටම එහෙනම් ඒකයි හේතුව 
විවේචනය වුනේ මගේ පවුල නිසයි බොල 
මචං සරලව මං මෙහෙම කියන්නම් 
කවුරු වුණත් විවේචනය කළ උඹලට 
ඒ කොල්ලෝ රෑනටම හිටියේ 
හරියටම ගැහැණු ළමයි දෙන්නෙක් බව 
ඇඩිෂනලි කියන්නම් මම ඔයාලට 
උන් ඒ කෙල්ලෝ දෙන්නව රැක්කේ පණ වගේ 
ඔව් ඒ පැතිකඩය උඹ නොදැක්ක 
වගේම කළා අපි ලංකාවේ පළවෙනි වතාවට 
විද්‍යාර්ථයෝ විසින් කළ 
පළමු දැවැන්ත බයිස්කෝප් එක 
ඒකට උර දුන්නේ, 
ඔව් හිස් උඹෙන් බැනුම් අසන ඒ ගුරුවරු බව 
ප්ලීස් චුට්ටක් සයිඩ් එකෙන් මතක තියාගන්නවද 
හැබැයි තෑන්ක්ස් බං ඒ කරපු වැඩේට 
මට තව තව ආදරේ හිතුනා 
මගේ සහෝදර පවුලට 

#අනුවා

https://youtu.be/PS-1WQylPV0 

Siththam Maya | Anu Perera. Powered by Blogger.