Ads Top


96

සිත්තම් මායා | අනූ පෙරේරා 

ඒ තමිල් බයිස්කෝප් එක 
මගෙ හිතට හොඳටෝම මදිය
උන්ගෙ නොහමුවීම සාධාරණ නැත 
ඒ එකම හේතුව ප්‍රභල නැත
බාගදා වෙන්නත් පුලුවන්,
එවන් කෙස් ගසෙ මිස් වීමේ විරහා 
අපි ඕනෑ තරම් දැක ඇත 
එතරම් තදින් ආලය කළා නම් 
ඈ ඔහුගේ සිසුන් ඉදිරියේ ගෙතූ සිහිනය 
හැබෑ විය යුතුය
එකම ප්‍රතික්ශේප වීමකින් 
පපුව ගැහෙනා ආදරය 
කැප නොකළ යුතුය
ඇයි
ඇයි එහෙම කළේ රාම් 
උඹ සිහිසුන් වෙන තෙක් ආදරය කළ ජානු ඒ 
ඇයි එහෙම අත ඇරියේ 
විශ්වාස කරපං 
හැබෑවටම මං වුණා නම් උඹ 
සටන් කරනවා වෙනුවෙන් ඒ ආදරය 
වෙනුවෙන් ඒ අසීමිතව ආදරය කළ කෙල්ල 
ඇයි කැප කෙරුවේ බං 
එකම වතාවක් උත්සහා කරන්නට තිබුණා නේද 
මම කියන්නද
උඹ පට්ට ආත්මාර්ථකාමියෙක් රාම් 
උඹ තනියම ගත් තීරණය
විඳවපන් උඹ මැරෙන තුරාවට
ඒත් ජානු? 
පව් බං ඒකි
තාමත් උඹට පණ ඇරලා 
දෙන්නද එක ෆ්‍රෙන්ඩ්ලි උපදෙසක් 
මං උඹට 
අපි ජිවත් වෙන්නේ හරි පොඩි කාලයක්නෙ 
හිතේ හිරකරන්නෙපා හැඟීම් 
විස්තර කරපං, පෙන්නපන් 
ඒ ආදරණියයන්ට 
උන් ආසා වෙයි 
අඩුම තරමේ උන් ජීවත් වෙයි 
මතක් කරමින් ඒ එකම විස්තර වුණු හැඟීමක් !

#අනුවා 

Siththam Maya | Anu Perera. Powered by Blogger.