Ads Top

I donated Blood 5


I donated Blood 5

සිත්තම් මායා | අනූ පෙරේරා 

2016 July 20
පස්වන වතාව 
මට නම් මේක උමතුවක් 
උඹට ?
මතකද 
ජීවිතේ සැනසීමක් 
ලද මොහොතක් ?
ඊයේ, පෙරේදා, ගිය සතියේ දිනයක් ?
ඇයි 
ජීවිතය අවුරුදු ගණනින් ආපස්සට 
යවමින් ලබන සතුට 
" ඒ කාලේ නම් ..... "
එපා ඒ වැකිය 
සතුටු වෙන්න අද , ඊයේ දවසක් සිහිකරමින් 
සල්ලි ඕනේද ඒ සැනසීමට ?
හිතේ සතුටින් උනන 
ලේ ධාතුවෙන් ටිකක් 
අවශ්‍යතාවය තියෙන 
එකෙකුට දෙන්ට 
උඹට , මට හෙණ වදින්නේ නෑ ඒකට 
දෙවියන් පවා ආශීර්වාද කරාවි 
උඹේ හොඳ හිතට 

එන දෙසැම්බරයේ 
කවුද සෙට් 
මාත් එක්ක 
ෆිට් එකේ ගිහින් 
ලේ ටිකක් දීලා එන්ට ? 

#අනුවා 
Siththam Maya | Anu Perera. Powered by Blogger.