Ads Top

වෙනස් වෙයන්


වෙනස් වෙයන් 

සිත්තම් මායා | අනූ පෙරේරා 

උඹට 
ආදරේ කරන දේවල් 
ලඟින් තියාගන්ට ඕනේද 
එහෙනම් 
ඒ දේවල් වලට 
ෆුල් සීරියස් වෙයන් 
නැත්තම් 
විකාගෙන ආදරේ කලත් 
ඒවා තමන්ට නැති වෙලා යනවා 
මේ හෙණවත් ගිණි ගෙඩිවත් නෙවෙයි 
සොබාව ධර්මයාගේ නීතිය 
උඹට මට 
ඒකට අවනත වෙන්නම වෙනවා 
උඹ හීන මවන දේවල් ලැබෙන්න 
සුදුසුම පුද්ගලයා වෙන්ඩ ඕනෑ 
ඒකට මොනවද ඕනේ වෙන්න ?
සල්ලි ?
නෑ 
උඹේ ගතිගුණ 
ඒවා වෙනස් වෙන්නම වෙනවා 
උඹේ ජරා ගතිගුණ වෙනස් නොවී 
කොච්චර සල්ලිකාරයෙක් උනත් 
වැඩක් නෑ 
උඹට යා දෙන්නේ නෑ 
ඒ නිසා වෙනස් වෙයන් 
උඹම 
උඹේ හීන ඉෂ්ඨ කරගන්න 
ඕනෑ නම් විතරක් 

#අනුවා 

Siththam Maya | Anu Perera. Powered by Blogger.