Ads Top

පරම්පරා වෙනස


පරම්පරා වෙනස

සිත්තම් මායා | අනූ පෙරේරා

" අම්මපා අද ඉන්න තරුණ පරම්පරාව නම්
 කිසිම කමකට නෑනේ
 වැඩිහිටියෙකුට ගරු කරන්න දන්නෙම නෑනේ
 ඉතිං කොහොමද සමාජයක් හොඳ වෙන්නේ ? "

මේ වත්මනේ හුස්ම පිඹින බහුතර වැඩිහිටියන්ගේ මුව
කටපාඩම් කරන්නා වූ වදන් කිහිපයකි
තරුණ පරම්පරාවේ ඕනෑම දෙයක්
ක්ෂණයෙන් ප්‍රතික්ෂේප කිරීමට
ඔවුන් සැදී පැහැදී සිටිති
නව පරපුරේ ගීතයක සිට
ඇඳුම පැළඳුම දක්වා
ප්‍රවීණ පරපුර ගෙනෙන්නේ
හුදු විවේචනම පමණි
අගය කිරීම ලැබෙන්නේ
කවදා කුමටද ?
එනමුත්
හිතන තරම් අපි,
තරුණ පරපුර සදොස් නැත
අමතක නොකරන්න
ඔබත්,
අපේ යුගය පසු කළ අයෙකු බව
වත්මනේ අපි කරන හැම සෙල්ලමම
ඔබත් දැමූ බව
එපමණක් නොව
දිනෙක,
ඔබට බස් රථයක අසුනක් පිරිනමන්නේ
අපේ පරපුර නියෝජනය කරන අයෙකු බව
ජල බිඳක් අවැසි කළ
පැන් පොදක් දෙන්නට අපි සූදානම් බව
හැමෝම නොහොඳ වෙන්න පුළුවනි
හැබැයි මං , මගේ වටේ ඉන්න ඈයෝ එහෙම නෑ
මට උන්ව ෂුවර්

#අනුවා   


Siththam Maya | Anu Perera. Powered by Blogger.