Ads Top

අද අනුවට අසුබයි


අද අනුවට අසුබයි 

සිත්තම් මායා | අනූ පෙරේරා 

අනුවා ටිකක් කේන්තියෙන් මේ වචන පිට කරන්නේ 
මරාගෙන මැරෙන සයිස් එකේ නම් නෙවෙයි 
පොඩි හිත් කළකිරීමක් 
වෙන කවුරුත් නිසාම නෙවෙයි 
බොක්ක බදාගෙන ඉන්න යාළුවො වෙනුවෙන්ම 
කෙළ උන අවස්තාවක 
එක අවස්තාවකත් නෙවෙයි 
දවසේ ඇතුලත උන අවස්තාවන් කිහිපයකට 
එක පිට එක පිට මුහුණ දෙන්න උන නිසා 
ගොඩක්ම හිතේ අමාරුව 
ඇරත් මේවා අපිට නොපුරුදු දේවල් නෙවෙයිනේ 
අපි ගොඩ යන්නෙත් කෙලව ගන්නෙත් යාළුවො නිසාමයි 
අදින් පස්සේ උඹෙයි මගෙයි ගණුදෙනු ඉවරයි 
යකෝ මට තරහා තියෙන්නේ 
වෙන මොකටවත් නෙවෙයි 
මම මගේ වැඩත් එහෙ මෙහෙ කරගෙන 
උඹලා වෙනුවෙන්, උඹලගේ සතුට වෙනුවෙන් 
දෙයක් කරන්න හදනකොට 
උඹලට ඒකෙ වටිනාකමක් පේන්නේ නැති ඒකනේ 
යාළුකම් ගොඩනැගෙද්දී 
උඹලා වගේ 
අනුවා 
සල්ලි ඉස්සරහට දාගත්තේ නැති හින්දද මේ ?
ආගම , ජාතිය ඉස්සරහට දාගත්තේ නැති හින්දද මේ ? 
දැනුම ඉස්සරහට දාගත්තේ නැති හින්දද මේ ?
වැදෙන එකෙකුට වැදුනාවේ 
මට දැන් තොපි හිටියත් එකයි මළත් එකයි 
හැබැයි දෙයක් කියන්නද ?
මේ මහ පොලවේ ජීවත් වෙනකොට 
කොන්ද පණ ඇතුව ජිවත් වෙයන් 
තනි වචනෙක ජීවත් වෙයන් 
අතන මෙතන කොටවන 
දිව දෙකේ මිනිහෙක් නොවී 

- අනුවා 
Siththam Maya | Anu Perera. Powered by Blogger.