Ads Top

අනුවගේ සති අන්තේ I


අනුවගේ සති අන්තේ I

සිත්තම් මායා | අනූ පෙරේරා

                            හම්මා.... සති අන්තේ , අනුවා මේ ගෙදර යන්න කියලා හැදුවේ. දත කට මැදගෙන ලෑස්ති වෙන්න හදනකොටම ආවා කාලෙකින් මුණ නොගැහුන පරණ යාළුවෙක්ගෙන් කෝල් එකක්.

" අඩ්ඩඩ්ඩා.... කෝමද ? "
" අඩේ අනුවා ඉන්නවා ඉතිං සනීපෙන්, ඔයාට කොහොමෙයි ? "
" මාත් ඉතිං ඉන්නවා ඔයාලගේ පිහිටෙන් මගේ වියදමෙන් "
" මෙහ්, මම අද ඔය පැත්තේ එන්නද අහන්න ගත්තේ "
" අම්මා.... නියමයිනේ , එල එල එන්ට එන්ට "
" මම රැජිනේ එන්නේ මාව ඉස්ටෙෂමෙන් ගන්න එන්න ඈ "
" අඩොව්... මම මේ කොලොම්පුරේ ඉන්නේ, උදේම යන්ට කියලා ලෑස්ති උනේ කමක් නෑ බොලා එනවනම් මම කොටුවෙන් රැජිණට නගින්නම් "
" ඒ... මරුනේ.. ශා...  ශා... මරු මරු, එහෙනං කොටුවෙන් සෙට් වෙමු "
" එල සුදා ... "

                            කවුද යාළුවා ? කින්ද ? මන්ද ඕනේ නෑනේ ඉතිං නැත්ද ? අපි කතාව කොන්ටිනිව් කරගෙන යමුකෝ. හරි ඔන්න රැජිණ කොටුවෙන් අද්දන්නේ දවල් 1. 45 ට ඒ හින්දා මම ලෝඩ්මෑන් වගේ ටයිම් එක ෂෙඩිවුල් පාරක් දාගෙන එහෙම උදේ බ්‍රෙක්ස්ෆස්ට් එක ගන්න අතරේ තව කෝල් එකක් ආවා.

" ආ.... මලයා... "
" මෙහ් අක්කේ අර අපේ ඉස්ක්රිප්ට් එකට මැච්ම වෙන ලොකේෂන් එකක් හම්බුනා "
" අඩා මරුනේ, අර ගැන්ස්ටර් එකටද ? "
" ඔව් ඔව් අක්කේ "
" අහල පහළ නම් තියෙන්නේ දැන්ම යන් බලන්න "
" නියමයි අක්කේ මං දැන්ම එන්නම් "

                            දෙයියන්ගේ පිහිටෙන් කෑවට පස්සේ මල්ලිත් ආවා.

" පාන් කනවද ? "
" හාන් "
" යකෝ ආසාවට බෑ කියලා කට පුරා කියපල්ලකෝ "


-          අනුවගේ ජරමර ඉදිරියට..... 

Siththam Maya | Anu Perera. Powered by Blogger.