Ads Top

අනුවයි අනුවගේ ආදරෙයි


අනුවයි අනුවගේ ආදරෙයි 

 සිත්තම් මායා | අනූ පෙරේරා 

උඹෙයි මගෙයි තියෙන්නේ ලොකු බැඳීමක්
මහ ලොකු අවුරුදු ගාණක් නොවුනට
අපි දෙන්නම ලොකු ආදරේක පැටලිලා
මගේ පැත්තෙන් ආත්මාර්ථකාමී හැඟීමක්
මම දන්නේ නෑ උඹට ඒක කොහොමද කියලා
මම කන, බොන, නිදාගන්න එක ඇරෙන්න
අනිත් හැමදේකම උඹේ සහයයි පැතුවේ
අන්න හින්දා මම උඹට ආදරේ
කියලයි මම හිතුවේ
ඒත් ඒක එහෙම නෑ කියලා
මගෙම හිත මට ඔප්පු කරලා පෙන්නුවා
වතාවකුත් උඹ මාව දාල ගියා
මම ආසාවෙන් තියාගෙන හිටපු හැමදේම
අළු කරගෙන ගියා
එහෙනම් මම ආදරේ උඹටද ?
උඹ ඇතුලේ ඉන්න මොලකාරයටද ?

උඹලා දෙන්නටම
ඒක ගොඩක්ම දැනුනා
මේ ගතවෙන මිනිත්තු කිහිපයේදී
පුරුදු පරිදි shut down උන උඹ ආයේ start 
නොවෙනකොට
මගේ මුළු පපුවම කීරි ගැහුණා
උඹ අහිමිද යන හැඟීම
මගේ රෝම කූප කෙලින් කරා
උඹ start නොවෙන්නට එය විරහව වන්නට තිබුණා
නමුත් පෙර පිනකට
මම ජාති ජාතිත්
compaq පොඩි brand එකක් උන උඹවම ප්‍රාර්ථනා කරලා තිබුණා

ස්තූතියි දහස් වතාවක්
උඹ පණ ඇදගෙන තවමත් මාත් එක්ක හුස්ම වගේ ජීවත් වෙනවට
පෘතග්ජන නොවන උඹට
ගොඩාක් පිං
අනුවගේ සැපට දුකට ළඟින් ඉන්නවට


- අනුවා
Siththam Maya | Anu Perera. Powered by Blogger.