Ads Top

ළමයින් යනු


ළමයින් යනු කුමන මානසික හා චර්යා ස්වභාවයක් උසුලන්නන්ද ?


  1. ඉතා සංවේදී, දැඩි සේ මව්පියන්ගේ නෑ හිතවතුන්ගේ ආදරය අපේක්ෂා කරන්නන් 
  2. කරුණාව හා දයාවට ලක්විය යුත්තන් 
  3. මව්පියන්ගේ මෙන්ම සමාජයේද රැකවරණයට ආරක්ෂාවට ලක් විය යුත්තන් 
  4. මනස මෝරා නොමැත්තන් 
  5. අනුකරණය කිරීමට දක්ෂයන්, කැමැත්තවුන් 
  6. එම හේතු නිසා නිතර අනතුරු සිදුකර ගන්නන්, අන් අයට ද අනතුරු සිදු කිරීමට පෙළඹෙන්නන් 
  7. වැඩිහිටියන් මෙන් දුර දිග බලා කටයුතු කිරීමට නොහැකි වන්නන් 
  8. ඉගෙනුමට, විවිධ කුසලතාවයට දක්ෂයන් 
  9. ස්වාධිනත්වය, නිදහස, බලාපොරොත්තු වන්නන් 
  10. නමුත් අනතුරක්, බියක්, දැනුනු විට වහා භාරකරුවන්, වැඩිහිටියන් සොයා එන්නවුන් 
  11. සමාජයේ පිළිගත් නීතිය යටතේ වරදකට වුව දැඩි දඬුවම් නොලැබිය යුත්තන් 
  12. සමාජයේ, පරිසරයේ, පවුල් පසුබිමේ තත්වය අනුව වෙනස්වන යහපතට හෝ අයහපතට යොමුවන්නන් 
  13. වඩා ශක්ති සම්පන්න නොවන්නන්, වෙහෙසකර අනතුරුදායක වැඩ වලට යොමු නොවිය යුත්තන් 
  14. මනස වඩාත් වෙහෙස කරවිය නොහැක්කන් 
  15. ලිංගික හැඟීම් දරාගැනීමට නොහැක්කන් 
  16. වහා ලිංගික ආශාවට පෙළඹෙන්නන් 
  17. ඕනෑම අයහපතකට, නපුරකට, අපරාධයකට ලෙහෙසියෙන්ම හුරු කළ හැක්කන් 

උපුටා ගැනීමකි 

Siththam Maya | Anu Perera. Powered by Blogger.