Ads Top

පියෙකු විය



සිත්තම් මායා | තිළිණ නදීශාන් 

සිතුවිලි ගලයි මගේ හදවත සලිත වෙලා
දහඩිය ගලයී ඔබෙ හදවත වෙනස් වෙලා
සිත ඉකිබිදියි ඔබේ මතකය මතක් වෙලා
යලී ඔබ එන්න මම ඔබේ පුතු සුදු කොල්ලා


කරගැට පිරුනු ඔබේ අත හරි ගොරොසුයි
පීඩා විදින විට ඔබ නෙත් හරි විඩා බරයි 
ඇති හැකි පමණ ඔබ මට හොඳ දේම කවයි
ඔබ බඩගින්නේ යැයි මට අනේ නොතේරෙයි


අවුරුදු 25යි මම ලොකු බොසෙක් වෙයි
දරදිය ඇදපු ඔබේ මතකය විසික් කරයි
ලොල් වු ආල රස වෙත සිත  ඔහේ දුවයි 
ඔබ දුන් ඇමතුමත් මා නොසලකා හරියි 


සුදු කොල්ලා යැයි ඔබ මට ඇමතුවේ
මොන වදයක් ද මම ඔබගෙන් විමසුවේ 
පියතුම කියන වචනය මට අද තේරුනේ 
මගේ පුතු එළිය දුටු දින මගේ තාත්තේ

- තිලා 

Siththam Maya | Anu Perera. Powered by Blogger.