Ads Top

" රමේෂ් මහත් 'ම' යා "


| අනූ පෙරේරා

දෙරණ නාලිකාවේ පෙලගැස්වුනු අංක එකේ වැඩසටහනක් 
ගරු මාවරලේ භද්දිය හාමුදුරුවන් දෙසන 
" බහුජන හිතාය " ,
හුදෙක් බොහෝ දෙනාගේ හිත සුව පිණිසම 
වැඩසටහන ගැන අමුතුවෙන් කියන්නට උවමනා නැත 
එය අනර්ඝ වටිනා අන්තර්ගතයකින් හෙබි එකකි 
කොහොමත් භද්දිය හාමුදුරුවන්ගේ දේශනාවක 
වචනයක් වචනයක් පාසා ඇත්තේ ඉගෙනගත යුත්තක්මයි 
ඒත් ඇයි මේ මාතෘකාව එකක් දාලා වෙන එකක් ගැන කියන්නේ ?
මීගමුවේ රමේෂ් මේකට සම්බන්ධයි 
මා පෞද්ගලිකව දන්නා අයෙකු තියා කිසිදින දැකලාවත් නැත 
නමුත් ඔහු ඉදිරිපත් කල ගැටළුව හා හිමියන් දුන් පිළිතුර අතර 
මා අපගේ ආගම ජාතිය අස්සේ අතරමන් විය 
රමේෂ් මහතා බෞද්ධාගමිකයෙකුද ?
මීගමුවෙන් නිසා ඔහු කතෝලිකයෙකුද ?
නැත , ඔහු මුස්ලිමානුවෙක් 
ඇතැම් ජාතිවාදීන් උප්පත්තිදීම ලබා දුන් 
' ත්‍රස්තවාදී ' හංවඩුව 
නුඹ කියන විදියට, ඔහුගේ පිටෙත් තියෙනවා
ඔහුගේ මෑණියන් බෞද්ධාගමිකයෙකි 
පියා මුස්ලිමානුවෙකි 
සාම්ප්‍රදායිකව පියාගේ ජාතකය හිමි විය යුතු නිසා 
ඔහුත් මුස්ලිම්වරයෙකි 
නමුත් මෑණියන් හා සෑම පුන් පොහෝ දිනකදීම 
ඔහුත් සිල් සමාදන් වන උපාසක මහත්මයෙකි 
'මහත්තයා' සහ 'මහත්මයා' අතරත් අකුරක වෙනසක් නොව
සැඟවුණු සුවිසල් වෙනසක් ඇත 
පන්සල් භූමියටත් පල්ලි භූමියටත් 
එක ලෙස ඇළුම් කල සහෝදරයෙකි 
නමුත් ඔහුගේ ආගම, ජාතිය මතක් කර දෙමින් 
ඔහුගේ උප්පැන්නය මතක් කර දෙමින් ඔහුට 
බෞද්ධාගමික කටයුතු කරන්නට ඉඩ නොදෙන නිසා
ඔහු මානසිකව පීඩා විඳින බව 
ඔහුටත් ඔහුගේ මෑණියන්ටත් සිදු වන නොයෙකුත් කෙණෙහිලි කම් 
මත ඔවුන් පත්ව ඇති අවපීඩනකාරී තත්වයට විසඳුමක් 
භද්දිය හිමි වෙත ඉදිරිපත් කරන ලදී 
සැමවිටම සැවොටම එක හා සමාන බෙදන හිනාවෙන් 
පංගුවක් රමේෂ් මහත්මයාටත් සංග්‍රහ කොට 
උන් වහන්සේ ඉතා අනර්ඝ ගණයේ පිළිතුරක් ලබාදුනි 
" කෙනෙකු බෞද්ධයෙකු වන්නේ තිසරණ සරණ යෑමෙනි 
  කෙනෙකු උත්තමයෙකු අධමයෙකු වන්නේ ක්‍රියාවෙනි 
  හිතෙන් හෝ 
  බුද්ධං සරණං ගච්චාමි 
  ධම්මං සරණං ගච්චාමි 
  සංඝං සරණං ගච්චාමි 
  දුතියම්පි , තතියම්පි ලෙස නැවතත් 
  බුද්ධං , ධම්මං , සංඝං සරණං ගච්චාමි  
  කිවූ සැණින් නුඹ බෞද්ධයෙකි 
  ඒ පිළිවෙත් අකුරට පිළිපදින නුඹ නියම බෞද්ධයෙකි "


- ආගමකට අගරු වන දෙයක් හෝ කත් ඇදීමක් නැත.  කිසිම අසත්‍යක් ද නැත -


Siththam Maya | Anu Perera. Powered by Blogger.