Ads Top

" අළු පුළුං "


| අනූ පෙරේරා

නුඹ ඇඟිල්ලක් දික් කොට
කාටද ?
ගිනියම් පිරිමියාට
ඇයි ?
නුඹේ ජීවිතය කාලකන්ණි කළා යන චෝදනාවට
කෙසේද ?
නුඹේ ගෞරවය කෙලෙසුවා ලෙසට
ඒත් ?
නුඹ ඉඩ දුන්නා නොවේද ඔහුට ?
පොට වරද්දා ගත්තේ නුඹමයි
පිරිමියාට ගිනියම් වන්නට ඉඩ හැරියේ නුඹමයි
ඇයි දැන් නගන දොස ?
නුඹේ ගෞරවය සිහි උනේ පැයකට පසුද ?
පැයකට පෙර නුඹ ඔහු හා වෙයිටින් ලිස්ට් තුල
පැයකට නුඹ නුඹේ ආත්මයම පාවා දුන්නා නොවේද ?
ඔහු නුඹව පාවිච්චි කළා පමණි
නුඹ ඔහුට ඉඩ දුන් නිසා
මව් පියන් ගැහැණියක් කරන්නට වෙර දරනා
නුඹ ගෑණියක් වෙන්නට වෙර දරනා
ගැහැණිය - ගෑණිය අතර අකුරක වෙනසක් නොව
ඇත සැඟවුණු වෙනසක්
අමතකද නුඹට
ගිණි - පුළුං නොගැලෙපෙන බව
හැම අතින්ම පුළුං අළු වන බව
ගින්නෙන් බැට කන්නට පෙර සිතන්න
නුඹේ ආත්මය පාවා දෙන්නෙකු නොවන්න
දෙමව්පියෝ නොපෙන්නු විලි
ඔහු ඉදිරියේ තුට්ටුවක් උනේ කොහොමද ?
විවාහයට පෙර ඔහු ඉදිරියේ
නිර්වස්ත්‍ර වන්නට තරම්
නුඹ සතුව තිබු ශක්තියට නමක් ඇතිද ?
ආත්ම ශක්තිය ?
නොඑසේනම් නුඹේ වේසා බව ?
මෙතනින් කැමති නමක් තෝරාගන්න
තනි මතයට යහන් ගත වූවා නම්
නුඹේ චරිතයත් තනි මතයක තීරණය කරන්න
පිරිසිඳු බවත් දැන් තුට්ටුවට දෙකට
අපයෝජනය වූවන්ට නොවෙයි
සිය කැමැත්තෙන් පහස ලබන්නියන්ට
බොහොම ගෞරවයෙන්
නුඹේ ගෞරවය ගැන ඔවදනක්
දයාබර දූවරුන්ට .....

Siththam Maya | Anu Perera. Powered by Blogger.