Ads Top

" ලක්ෂිකා "


| අනූ පෙරේරා

- හිතවත් ලක්ෂිකා වෙත -
මට යාළුවෙක් හිටියා හොඳ යාළුවෙක් 
මම පොඩි කාලේ තේරෙන වයසේදී 
ඇගේ අතීතයෙන් නම් මට පලක් උනේ නැත  
ඇගේ චරිතය විනිශ්චය කලේද නැත 
ඇයට කොල්ලන් කීයද ?
ඇය ඉගනීමේ දක්ෂද ? අදක්ෂද ?
මා කිසිවක් දැනන් සිටියේ නැත 
ඇයව පවා මා දැනන් සිටියේ නැත 
මා දැනන් උන් එකම දෙය නම් 
මට යහළුවන් රොත්තක සිටින විට 
ඇය හුදෙකලාව සිටී බවයි 
ලාභා'ලාභ ශේෂ පත්‍ර සැනෙන් ඉවර කරන අපි 
පෝලිම් තුන හතර පූට්ටු වන්නේ 
කුමක් හෝ කේලමක් රස කර කර ඇසීමටයි 
ගුරුන් ගණන සාකච්චා අහවර උනත් 
ඇය තවමත් ගණනෙහි එල්බගෙන
" ටිපෙක්ස් නෙවෙයි බං සුදු තීන්ත බාල්දියක් ගෙනාවනම් ලේසි වෙයි "
අපේම එකෙක් ඇයට නොඇසෙන ලෙස
ඇයව විහිළුවට ගන්නා ලදී 
ඇය පීඩා විඳින බව උන්ට නොපෙනේ 
හුදෙකලා බව, තේරුම් ගැනීමට අපහසු  බව 
කිසිවකුට නොතේරේ 
මා ඇයව තේරුම් ගත් එකම කෙනා නොවෙයි 
නමුත් ඇයව අපේ පෝලිමට ගත් එකම කෙනා විය 
ඊළඟ දිනය සිට ඇය හුදෙකලා නොවුනි 
ඇයට අපහසු සෑම පාඩමක්ම 
කුඩා සංකල්පයක් පවා අත් නොහැර 
මා දන්නා පරිදි කියාදුනි 
ඇය ලාභා'ලාභ ගිණුම් අපේ වේගයෙන්ම 
නිමකළ දිනය 
ඇගේ මුහුණට නිමක් නැති සතුට ලැබුණු දිනය  
මට දැනුනේ මගේ දරුවෙකුට හරි ගියාක් මෙනි 
පෞද්ගලිකව පුංචි ආඩම්බරයක් සිතැතිව 
හදවතින්ම සතුටු උනේ නුඹේ මව් සේ 
නුඹේ සෑම දෙයක්ම මට කීවා උපරිම විශ්වාසයෙන් 
මා ඒ සෑම දෙයකම රැක්කා උපරිම විශ්වාසයෙන් 
නුඹේ අතීතාවර්ජනය කඳුළු අතරින් 
මා නුඹට වඩා වැඩිමහළු වූයේ පැය කිහිපයකට පමණි 
නමුත් මා නුඹට මව් වුනිද ?
නොතේරෙන එක දෙයකි,
එහෙව් මව් උනු මා නුඹට පසු දිනෙක 
හතුරෙකුටත් අන්ත උනේ ඇයිද යන්නයි
ජීවිතය හදාගන්නට දුන් උපදෙස් වැඩි උනාද ?
කල කිසිදේකට ස්තූති අවශ්‍ය නැත 
සමාවෙන්න මා නුඹට ජීවිතය හදාගන්නට වෙර දුන්නා නම් 

Siththam Maya | Anu Perera. Powered by Blogger.