Ads Top

මං තාම එතැන, පුළුවන්ද ඔයාට හැරෙන්න

Siththam-Maya-64-will-you-turn-back
මං හිතන්නේ

දැන් නම් ඔය හිත

ගිහින් ඇති ගොඩක් දුර

ඒත් මං තාම එතැන

පුළුවන්ද ඔයාට හැරෙන්න

ඇවිත් මාවත් එක්ක යන්න

එහෙමත් නැත්තම් මට කියාදෙන්න

නුඹව අමතක කර

ආයෙම නැඟිටින්න

හිරවෙලා මං මූසල අඳුරු ඉසව්වක

කවුරුත් නොපෙනෙන

නොදැනෙන කොහේදෝ තැනක

ගූගල් මැප්ස් ඔන් කරනවද

නුඹට පමණක් ලොකේෂන් එවන්නද

හා කියන්නෙපා බොරුවට

විශ්වාස කරයි හොඳටෝම දැන් මේ හිත

මම හොඳින් නැති බව

නුඹ දන්නවා නේද

ලෝකෙට හිනාවෙලා තනියෙන් දුක්වෙන

මන්තරේ ආයේ මට කියාදෙනවද

නැත්තම් මට එහා පැත්තෙන්ම ඉඳගෙන

කතා නොකර, නොඅල්ලා ඉඳිමුද

ඕනෑ උනොත් අඬන්නට

විතරක් ඔය උරහිස මට දෙනවද

මං තාම එතැන

පුළුවන්ද ඔයාට හැරෙන්නට


🖌 අනූ පෙරේරා | සිත්තම් මායා

Siththam Maya | Anu Perera. Powered by Blogger.