Ads Top

" ලෑස්තිද ? "


| අනූ පෙරේරා

මේක පුංචි දිවයිනක් 
රණ්ඩු වෙන්න කල කෝලහාල කරන්න 
මේකේ ඉඩක් නෑ
කොටින්ම අපිට හුස්ම ගන්නත් මේ බිම් අඟල් මදි 
එහෙව් එකේ උඹලා මරාගන්නේ මොනවා බෙදාගන්න බැරුවද ?
මට උඹලට වැරදුනේ එකම එක තැනයි 
සොච්චමක් දීලා මහ මෙරක් බලාපොරොත්තු වෙන තැන 
පෘතග්ජන බවේ උපරිමයේ අපි 
කවද්ද හැදෙන්නේ ?
නැකත් නෑ වෙලාවල් නෑ 
දැන්ම මේ දැන්ම හැදෙන්න පටන් ගමු 
ඉපදෙනකොට අපි සර්ව සම්පුර්ණ නෑ 
අඩු පාඩු එමටයි 
හැබැයි වයසින් මෝරද්දී අපිට තේරෙනවා 
අපේ යුතුකම් වගකීම් 
උඹේ අතීතය අනාගතයේදී ප්‍රශ්නයක් කියලා හිතෙනවනම් 
ඉස්සරහට එළඹෙන අනාගතය දැන්ම තීරණය කරන්න 
දන්නවද මිනිස්සු හරි හොඳයි 
නරක හාදයා එයාලව පාලනය කරනවා 
හොඳ හාදයා මුණිවත රකිනවා 
අපිට පුළුවන් මේ හැමෝගෙම හොඳ හාදයව එළියට ගන්න 
හැබැයි මේක තනි තනියෙන් කරන්න පුළුවන් සීමා තියෙනවා 
ඔයා මම වගේ කට්ටියට මේ ලෝකේ වෙනස් කරන එක නතිංග් 
මොකද අපි දෙගොල්ලන්ගේ හිත් හයියයි 
මොනවම හරි දෙයක් කරන්න ඔට්ටු වෙනවා 
හොඳ දෙයක් , අර්ථවත් දෙයක් 
ඔයාට හිතෙනවනම් ඕවා කරන්න වෙලාව කෝ කියලා 
දැනටමත් අපි ඔයාගේ නම ලිස්ට් එකෙන් කපලා ඉවරයි 
මෙහෙම හිතන්නකෝ,
ඔයාට හොඳ හාදයෙක් වෙන්න නම් නරක දේවල් කැපිලා යන 
සමාජය හොඳයි කියලා පිළිගන්න දෙයක් කරන්න වෙනවනේ 
පුංචි දෙයක් හරි කරන්න අඩු ගානේ 
දරුවෙක් වඩාගෙන බස් එකට නගින අම්මෙකුට අසුන හරි දෙන්න
වැඩ ඇරිලා ගෙදර යන්න බස් එකට නගින්නේ මහන්සි වෙලා තමයි 
ඒත් චුට්ටක් හිතන්නකෝ එයා ගැනත් 
මේ සීමිත බිම් අඟලේ හුස්ම ගන්නේ ඔයා විතරක් නෙවෙයිනේ 
මට ඔයාට සත්තුන්ට මේ ගස් වලට හැමෝටම අයිතියක් තියෙනවා 
ලැබෙන මොහොතෙන් දෙයක් කරන්න බලන්න 
මේ ලෝකේ වෙනස් කරන්න
නෑ මේ ලෝකේ සුන්දර කරන්න 
නරක කපාගෙන හොඳ ඉස්සරහට ගෙනියන්න 
මම මේ අරගලය කරනවා, 
මේ ලෝකේ හොල්ලන කෙනෙක් වෙනවා 
මේ පොලවට අත තියලා දිව්රනවා 
මැරෙන තුරාවටම 
එකතුවෙන්න මාත් එක්ක 
ඔය තරුණ ජවය 
" ලෑස්තිද ? "
         - විවෘත ආරාධනාවක් -

Siththam Maya | Anu Perera. Powered by Blogger.