Ads Top

ජීවිතය වගේම මරණයත් සැහැල්ලුවට ගත්තද, සුශාන්ත්? Sushant Singh Rajput

Siththam-Maya-59-Sushant-Singh-Rajput-Rest-in-Peace

සෑහෙන්ඩ වැඩ ගොඩක් සෙට් වුණු ඉරිදාවක් නිසා හරි හමන් ඔන්ලයින් කරක් ගහන්නත් බැරි වුණු දවසක්. දැන් මේ ඔන්න මෙන්න තියලා ඉන්ස්ටග්‍රෑම් පැත්තේ වටයක් දානකොට ඉන්ස්ටග්‍රෑම් ෆීඩ් එකේ ‘සුශාන්ත් සිං රාජ්පුත්’ (Sushant Singh Rajput) ගෙ ෆොටෝ හැමෝම දාගෙන ඉන්නවා, බොලිවුඩ් ජිවිත උදේ ඉඳන් රෑ වෙනකම් ‘ඉතිං මොකෝ වෙන්නේ’ කියලා මට හාරා අවුස්ස අවුස්ස බලන්න ඕනෑ නිසා මගේ ගොඩක් ෆලොවින්ග්ස් තියෙන්නේ බොලිවුඩ් රිලේටඩ් උදවියට. කැප්ෂන් එක නොකියවපු නිසා ඇත්තටම මං හිතුවේ අද එයාගේ බර්ත්ඩේ එක කියලා. පස්සේ වෙන වැඩ වගේකට ගූගල් පැත්තේ යද්දී තමයි, ‘සුශාන්ත්’ ගූගල් එකේ ට්‍රෙන්ඩින්ග් ඉන්නවා දැක්කේ. ඔය සිද්ධියම ‘ඉර්ෆාන් ඛාන්’ ටත්, ‘රිශී කපූර්’ ටත් ඒ විදියටම වුණා. ඒ නිසා සිරාවටම මේ වතාවේ ‘සුශාන්ත්’ ට්‍රෙන්ඩින් වෙලා ඉද්දිම මගේ හිත කළබල වුණා, ‘අනේ එහෙම නම් වෙන්නෙපා දෙයියනේ’ කියලා හිතුව දේ එහෙම්මම වෙලා තිබුණා.


‘සුශාන්ත්’  ගෙ ජීවිතේට මට පුදුම ලෝබකමක් දැනෙනවා. ‘ඩිප්රේෂන්’ තත්වයක් නිසා කියලා ඉන්ටනෙට් එකේ හැමතැනම කියැවෙනවා. සුශාන්ත්ගේ ගෙල වැලලාගෙන ඉන්නා ෆොටෝ දහතේ වයිරල් වෙනවා. ආයෙම මුල ඉඳන් මං බොලිවුඩයේ තරු ‘සුශාන්ත්’ වෙනුවෙන් දාපු ෆොටෝ වල කැප්ෂන් කියවන්න ගන්නවා. Rest in peace එහෙකට එහා ඔහු ගැන කියැවෙන පෞද්ගලික හැඟීමක් මට නොදැනෙන්න ගන්නවා. හැබැයි ‘දීපිකා පඩුකෝන්’ ඒ ගැන ලස්සන සටහනක් තියනවා. මොකද එයා ඒ ස්ටේජ් එකට මූණදීලා ෆයිට් කරලා දිනපු කෙනෙක් නිසා එයාට ඒක හොඳටම තේරුම් ගන්න පුළුවන් වෙනවා. ඒ අස්සේ හැමෝම අහනවා, සුශාන්ත් ට මොනවගෙන් අඩුවක් ද? සල්ලි ද, ලස්සන ද, ලොකු ගෙවල් දොරවල් ද, වාහන ද, සමාජ පිළිගැනීමද, අපි ලෝකයා විදියට ‘සුශාන්ත්’ ගෙ මළකඳ හරිම බේසික් මිණුම් දඬු වලින් මැනලාත් බලනවා.


අපි හරි පොෂ් විදියට කියන්න ට්‍රයි කරන ‘කොමිට් සුයිසයිඩ්’ වචන දෙක, දීපිකා හරිම ලස්සනට නිර්වචන කරනවා. ‘People don’t ‘commit’ suicide. They ‘die by suicide’’ සමහර වෙලාවට අපේ ලඟම ඉන්න පුද්ගලයින්ගේ හරි මෝඩ පහේ කියලා අපිට හිතෙන ප්‍රශ්න, ඔවුන්ට මහා මෙරක් වාගේ වෙන්න පුළුවන්. ඒ හැම ගැටළුවක්ම පුද්ගලානුබද්ධයි, සාපේක්ෂයි. ‘සුශාන්ත්’ ට එයාගේ ජීවිතය, රිදී තීරයක ඉඳන්, ෆිල්ම් සෙට් එහෙක ඉඳන්  බලන්න මිනිසුන් පිරිසක් හිටියට එයාව ඇහුම්කන් දෙන්න පිරිසක් නම් ඉඳලා නැති හැඩයි. සමහර වෙලාවට අපිට දහස් ගණනින් හිත මිත්‍රයෝ හිටියට ප්‍රශ්නයක් ආවම ඒක කියාගන්න මිනිහෙක් නැති වෙනවා. මැරෙන්න හිතෙන වෙලාවට නොමැරී ජීවත් වෙනවා කියන එක ලෝක යුද්ධයක් වෙන අවස්ථාත් වෙනවා. කල්‍යාණ මිත්‍ර සේවනය අවශ්‍ය වෙන්නේ අන්න ඒ වගේ තැන් වලට. විනාඩි දෙකක ෆෝන් කෝල් එකකින් ජීවිතයේ පර්ස්පෙක්ටිව් එක වෙනස් කරන්න, ඔච්චර දේවල් තිබුණා කියන සුශාන්ත්ට මිත්‍රයෙක් නොහිටියේ ඇයි කියලා මං තාම කල්පනා කරනවා.


මං කැමතියි, ට්‍රෙන්ඩින් යන අතට පෝස්ට් එකක් නොහදා මළමිනියක් මාකට් කරලා හරි ලයිස් ටිකක් ෂෙයාර්ස් ටිකක් ගන්න බලාපොරොත්තු නොතියා ඉස්සෙල්ල යූටියුබ් එකට ගිහින් ‘සුශාන්ත්’ ව ස්ටඩි කරලා ඉන්නවනම්. ඒක ‘සුශාන්ත්’ ගෙ ‘සැබෑ රසිකයින්ට’ කරන සපෝර්ට් එකක් වෙයි. උන් හැඟීමෙන් කරන, කළා කටයුතු වලට වටිනාකමක් වෙයි. ඔහුගේ Kai Poche ෆිල්ම් එකේ ඉඳන් Drive ෆිල්ම් එකට වෙනකම් බැලුවත් ‘සුශාන්ත්’ ගෙ ටැලන්ට් එකට එහායින් පුද්ගලික ජීවිතේ ඔහු දරන අදහස් මතවාද, ජිවිතේ දකින විදිය, ගත කරන්න කැමති විදිය, සමාජ ගැටළු වලට ඔහුගේ උත්තර, ඒ හැමදෙයක්ම රිදී තිරෙන් මෙහාට අපිට දැනගන්න පුළුවන් වෙනවා. මගේ ජිවිතේ weird ම යාළුවගෙයි මගෙයි අපි දෙන්නට විතරක් හදාගත්තු ‘මානසික ලෙඩ්ඩු’, ගෘප් එකට (කෙටි කරලා ගත්තම, ‘මා.ලේ’) ගෘප් එකට අපි හිතින් ‘කේසි නයිස්ටැට්’ ට පස්සේ ‘සුශාන්ත්’ වත් ඇඩ් කරගෙන හිටියේ. මොකද ලඟින් යන ගතිගුණ එයාටත් තිබුණ නිසා. අමුතු අමුතු දේවල් ජිවිතේ කරන්න ඕනෑ කියන බකට් ලිස්ට් එකක් තිබුණ නිසා, කරන වැඩේට ඩිසිප්ලින් නිසා.


ඒත් ‘සුශාන්ත්’ අද ඔයාගේ මරණය මාව බය කළා. ‘ජීවිතය’ ගැන different perspective එකක් දුන්නු ඔයාම මෙහෙම කරනකොට, අපි එකම weird group එකේ හෙමීට ඔයාව ෆලෝ කරන්න ගන්නකොටම, ඔයා මරණයට, ජීවිතය සෙකන්ඩ් කරපු විදිය මාව අවුල් කරලා දැම්මා. කිසිම ගැලපීමක් නැතුව වගේ, හිතට එන හැම හිතිවිල්ලක්ම ඩයරියක ලියලා දානවා වගේ හැඟීමකින් මේ අකුරු ටික ලියැවෙනකොට, ලයිව් ඔයා කළ ඉන්ටවීව් එකකදී කියපු, මාව ඉන්ස්පයර් වුණු වචන ටිකක් මගේ sticky notes අස්සේ ඉඳන් තාමත් මාව, ජීවිතේ සරලව ගත කරන්න, ජිවිතේ ඩිසිප්ලින් තියාගන්න ඉන්ස්පයර් කරනවා. ඔයා නැති හිස්තැනකුත් එතැන ලොකුවටම තියෙනවා. සුබ ගමන් ‘සුශාන්ත්’


“Just doing good work matters to me, I might be doing tv, theatre or movies or, for that matter open a canteen in a film city or work on my own short films. I don’t have the fear of Failure” 
 – Sushanth Singh Rajput –


🖌 අනූ පෙරේරා | සිත්තම් මායා 

Siththam Maya | Anu Perera. Powered by Blogger.