Ads Top

මේ වහින්නෙ ප්‍රේමයේ නිවහල් වැස්ස

ගිණිපුපුරු නළියන
ලෝකයම ගිණි ගොඩක්
බොරු හිනාවක් පෙන්නන මිනිසුන්ට
දැණුනෙ හරි හිස්කමක්
මට එරෙහි ලෝකය
කාමරේ දොරගුළු තෙරපන හඬ ඇසෙන
මගේ සවනත කම්මලක් !
මම මැරෙයි, "සමහරවිට!"

ඔන්න එතකොටම
සට සට ගගා වැහිබිඳු පතිත වෙන
වහල
දැන් නම් හරිම සැනසුමක්
ගිණි නිවෙයි දැන්
වැහි වහීවි මුරුගසන් !
වහින්න !
මතක උපද්දන සුරතාන්ත වැස්ස
යළි යළිත් ඇවිලෙන්නම්
නිවන්න මගේ ගින්දර !
ආසයි මම ඇවිලෙන්න
මගේ ලෝකයේ නිහැඬියාවෙන් ඇලෙන්න
ප්‍රේමයේ නිවහල් වැස්සෙන් තෙමෙන්න
ඔව්..
මේ වහින්නෙ,
ප්‍රේමයේ නිවහල් වැස්ස !!!

🖌 රැහැන් මාරා | සිත්තම් මායා
Siththam Maya | Anu Perera. Powered by Blogger.