Ads Top

සොඳුර, මත් වතුර නැතුවත් මට හොඳටෝම වෙරි

මදු සාද පිරි ප්‍රිය සම්භාශනයක
ටික් හඬින් ගැටෙන වීදුරු හඬිනි
තව එකක් ගනින් මචං ඔය මදි
මී විත පවා වෙයි අද මාර දැහැමි

ඌත් එහෙනම් බැන්දා චෝදනාවකි
මා ගැන ගැන දන්නා මා නොතැකිම
එදා සිට කරමින් පැවත ආ චාරිත්‍රයකි
ඉතින් මට මා අමතක වීම අල්ප මාත්‍රයකි

සියල්ල මඟ හැර අඳුරකට සෙමින් බඩගාමි
විසිලු බසක් මහ හඬින් කියා සිනාසෙමි
නුඹ ගැන අහන තැනකදි නන් දොඩා සැඟවෙමි 
සොඳුර මත් වතුර නැතත් මට හොඳටෝම වෙරි

🖌 මකරි | සිත්තම් මායා 🖤
Siththam Maya | Anu Perera. Powered by Blogger.