Ads Top

නුඹට ජීවිතය කැප නැත !

ඇත්තටම මම කවුද ? 
ඉන්න ඕනේ කොහෙද ? 
ඉන්නේ කොතැනද ? 
කවුරු කවුරුත් 
තම තමන්ගෙන් 
එහෙම ඇහුවද ? 
ප්‍රාණය ලැබුණේ මොකටද ? 
අපි දෛවයේ රොබෝවරු ද ? 
ජීවිතේ කියන්නේ මොකද්ද ? 
හොයන්න කවුරුත් උත්සහ කරාද ? 
සීමාවක් නැති ගොන්කම් කරමින් 
අසීමාන්තිකව එකිනෙකාගේ 
හිත් බිඳිමින් 
උඹ යන්නේ කොහෙද ? 
කැස්බෑ රුධිරය ශරීර ගත වූ 
විය සිදුරෙන් අහස බලන 
මාන්නක්කාර මිනිස් ආත්මය 
උඹ නොදුටු දේ බොහොමයි 
සිතිය යුතු මානයෙන් 
මම පිට පැන්නෙමි 
නුඹ යනු, 
එකම තැන පල් වෙන 
බොර වූ ජලය නම් 
මම යනු, 
ගල්පර වල හැපෙමින් 
ගලාගෙන යන ගංගාවකි 
මට වාරණය කැප නැත 
වාරණ වලට පැටළුණු 
නුඹට ජීවිතය කැප නැත ! 

රැහැන් මාරා | සිත්තම් මායා 
Siththam Maya | Anu Perera. Powered by Blogger.