Ads Top

ඒ දුක් ගැනවිල්ලට අදට වසරක් ! පාස්කු ප්‍රහාරය, ශ්‍රී ලංකාව !

අදින් හරියටම අවුරුද්දකට කලින්, ඒ කියන්නේ 2019 අප්‍රේල් 21 දවස එළැඹුණේ ‘පාස්කු ඉරිදාව’ (Easter Sunday) විදියට. පාස්කු ඉරිදාව කියන්නේ ලෝකේ පුරාම ඉන්න ක්‍රිස්තියානි බැතිමතුන් සමරන ‘ජේසුස් වහන්සේගේ යළි පිබිදීමේ දවස’. ‘මහා සිකුරාදාව’ (Good Friday) එහෙම නැත්තම් ක්‍රිස්තුස් වහන්සේ කුරුසියට ඇණ ගැසූ දිනයට පසුව උදාවෙන පළමු ඉරිදාව තමයි පාස්කු දිනය වෙන්නේ. ‘පාස්කු බිත්තර’ (Easter Eggs) වලින් සංඛේතාත්මක විදියට පෙන්නුම් කරන්නේ, උන් වහන්සේගේ පුනරුත්ථානය. 

හැබැයි එදා අපේ මව්දේශයට (Sri Lanka) නම් උදාවුණේ මෙතුවාක් කලක් උදාවුණු පාස්කු දිනය නම් නෙවෙයි. සැමරීමක් වෙනුවට උනුන් ලැබුවේ දරාගන්නවත් බැරි වේදනාවක්. අන්තවාදී මරාගෙන මැරෙන ත්‍රස්තවාදීන් 8 දෙනෙකු, කතෝලික පල්ලි 3 ක් සහ ප්‍රධාන පෙලේ හෝටල් 3 ක් ඉලක්ක කොට ගෙන සිද්ධ කළ මේ දරුණු ප්‍රහාරයෙන් ආසන්නව ජීවිත 321 ක් අපිට අහිමි වුණා. 

උදේ 8.45 ට මීගමුව ශාන්ත සෙබස්තියන් කතෝලික පල්ලියෙනුත්, කොටහේන කොච්චිකඩේ ශාන්ත අන්තෝනි කතෝලික දේවස්ථානයෙනුත් ආරම්භ කළ ප්‍රහාරදීම, උදේ 8.47 ට කොළඹ කිංග්ස්බරි හෝටලයටත්, උදේ 8.54 ට කොළඹ ෂැන්ග්‍රී-ලා හෝටලයටත්, උදේ 9.10 ට මඩකළපුව සියොන් දේවස්ථානයටත්, උදේ 9.12 ට කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයටත්, දවල් 1.30 ට දෙහිවල ට්‍රොපිකල් ඉන් ලැගුම්හල ටත්, සහ දවල් 2.25 ට දෙමටගොඩ නිවාස සංකීර්ණයෙනුත් මේ පහර දීම එදින අවසන් වුණා. කොළඹ හෝටල් වලට පහරදීම් පටන් ගන්නකොට මම හරියටම හිටියේ කොළඹ ස්ටේෂන් එකේ පිටිපස්සේ ගේට් එකෙන් එළියට ඇවිත් ලේක් හවුස් එක ළඟ. එදා ඒ සිදුවීම පුද්ගලිකව දැනුණු හැටි මම පස්සේ හෙමීට හැඟීම් විස්තරයක් කරන්නම්. 

‘අනේ දෙවියනේ අපිව බේරා දෙන්න’ නැවත වතාවක් යුද්ධය එපා කිවූ අපි හැමෝම එදා දෙවියන්ට කන්නලව් කරන්නැති. හැම මොහොතකම වගේ මේ සිද්ධ වුණු විපත්තියේදීත් දිවය ලෝකයෙන්, ස්වර්ගයෙන් මහා පොළවට දෙවියන් විදියට ආවේ ශ්‍රී ලංකා ත්‍රිවිධ හමුදාව සහ පොලීසිය, හැම පුරවැසියෙකුගේම ආරක්ෂාව ස්ථිර වුණු වහාම මරු කටට යන ඔවුන් ජීවමාන දෙවියන් බව අපි හැමදාම මතක තබා ගත යුතුමය. ෆේස්බුක් ඇඩ්මින්වරුන් මානුෂියබව, දේශහිතෛශීබව ලොව පුරා කළ ෂෙයාර් එක අගය කළ යුතුමය. 

#PrayForSriLanka ටැග් එක ලෝකයේම ටෙන්ඩින් ගෙනාවා, කියනවා වෙනුවට, අපි කියමු ඒ ටැග් එක ලංකාවට ආදරේ කරන මිනිස්සු ‘යුනයිට්’ කළා කියන එක. ‘ප්‍රංශයේ, පැරිස් අයිෆල් ටවර්’ (Eiffel Tower, Paris, France) එකේ බල්බ 20,000 ක් එකවර නිවා දමමින් ද, ලොව උසම කුලුන වුණු ‘ඩුබායි හි අයිකොනික් බර්ජ් කලීෆා’ (Burj Khalifa, Dubai) සම්පූර්ණ කුලුන ශ්‍රී ලංකා ධජයෙන් වර්ණ ගන්වමින් ද, ‘ඩුබායි හි බර්ජ් අල් අරාබ්’ (Burj Al Arab, Dubai) සුඛෝපභෝගී හෝටලය මෙරට ධජයෙන් වර්ණ ගන්වමින් ද, ඇමරිකානු FBI සහය ලබා දෙමින්, මෙන්ම සුප්‍රසිද්ධ ‘ඇනොනිමස් හැකර් කණ්ඩායම’ (Anonymous Hacker Team) Isis ත්‍රස්තවාදීන්ට එරෙහිව නිකුත් කළ තර්ජනාත්මක පණිවිඩය ද, පෙන්වන්නේ අපිට තියෙන, අපි ගොඩ නගා ගත්ත විදෙස් මිත්‍ර හිත වත්කමයි. (මේ විඩියෝස් වල ලින්ක්ස් ටික මම අපේ ෆෙස්බුජ් පේජ් ඩිස්ක්රිප්ෂන් එකේ දාන්නම්)

ලංකාවේ මිනිස්සුන්ට මතක සතියයි කියන්නේ පට්ටපල් බොරු කතාවක්. අපි මනුස්සකම් අවුරුදු සිය දහස් ගාණක ඉඳන් රැගෙන ආපු, අරැගෙන යන ජාතියක්. 2004 ඉඳන් වසර 15ක් පුරාවට උදේ 9.25 ඉඳන් 9.27 වෙනකල් විනාඩි දෙකක් කොයි ලෝකේ කොහොම හිටියත් අපි සුනාමියෙන් මියගිය ඈයෝ සිහිපත් කරන ජාතියක්, ඒ වෙනුවෙන් නිහඬබව රකින ජාතියක්. 2009 යුද්දේ දිනපු දා ඉඳන් වසර 10ක් පුරාවට රට එක්සේසත් කෙරූ සතුට අමතක නැති ජාතියක්, අවුරුදු 30ක් මව්බිම කාලකණ්නි කරපු ප්‍රබාකරන්ගේ මරණයට කිරිබත් කපන ජාතියක්. ඉතිං ජාති ආගම් බේදයක් නැතිවම අපි අද උදේ 8.45 ඉඳන් 8.47 වෙනකම් පාස්කු ඉරිදාවෙදී අපෙන් සමුගත් ආදරණීයයන් සිහිකරමින් විනාඩි දෙකක් නිහඬ වුණේ හැම ගෙදරකම පහනක් පත්තු කරගෙන. මොකද මිනී එක උඩ එක ගැහුවත් අපි මනුස්සකම දන්න ජාතියක් !! 

#MotherLand #SriLanka

අනූ පෙරේරා | සිත්තම් මායා 

Siththam Maya | Anu Perera. Powered by Blogger.