Ads Top

පමාවිය වසන්තය !

වසන්තය ඇවිත් තිබුනා 
ඒ හුඟක් පහු වෙලා 
සොඳුර ළඳලු පත් හැලී තිබුනා 
ලය පැලී මිය ගිහින් උන්නා 

නුඹ එතැයි බලා හුන් 
සමනලුන් දුර ගිහින් තිබුණා 
දිරාපත් උද්‍යානය ඔබට මතකද 
උයන්පල්ලා එහි මිය ගිහින් තිබුණා 

සිහින සැලසුම් මහත් කළ නුඹ 
ඵල දරන්නට පෙර වල දමා තිබුණා 
අන්න එතැනයි නුඹ බොහො ප්‍රිය කළ 
හදවතක් පණ ගැහෙනු දුටුවා 

නැවත නාවත් කියන්නට කතා 
මහ හුඟක් මම ලියා තැබුවා 
බොහෝ දිගු බැවින් කවි නොව 
කතා ලෙස මම නමක් තැබුවා 

මකරි
Siththam Maya | Anu Perera. Powered by Blogger.