Ads Top

අහසත් ජවුසමක් ඒයි !


අහස ගැන මචං උඹ දන්නවද කතාවක් 
පැන්ශන් යන්න ඉද්දි මට හම්බුනා වතාවක් 
අඩියක් ගහන ගමන් ඇහුවම පරණ කතාවක් 
හැමදාමත් වගෙ ඌ දෙඩෙව්වෙ එකම දෙබසක් 

කසාදෙන් පස්සේ තෑගි දුන්නලු බිරිය දරු දෙන්නෙක් 
එකෙක් වාගෙයි හිතාගන්න බැ වගෙ බීරි අලියෙක් 
අනෙකා වගෙයි නිවිලලු වාගෙ උපාසක ඇත්තෙක් 
ඒ වුනත් පරහක් තිබුනා ඒ  කතාවෙ අතුරු පැත්තක් 

තරුණ කාලෙ යද්දි එද්දී වැනිලා හෙම පොඩ්ඩක් 
ගත්ත ආතල් වල තිබ්බා මචං එකම  එක පලුද්දක් 
දන්නැද්ද කොල්ලා කාලෙ ඌටත් ඒක රජ මඟුලක් 
නම නැති වුනත් තරු කියන්නේ පොරගෙ අත් වැරද්දක් 

"කාටවත් කියන්නෙපා රාත්‍රිය කියන්නෙත් පොර මාරු කරන රෙද්දක්"

මකරි | සිත්තම් මායා 
Siththam Maya | Anu Perera. Powered by Blogger.