Ads Top

Bohemian Rhapsody


වියසිදුරු ෆිල්ම් ශූට් එකේ වැඩ කරන අතර වාරයේ දී ශලනි තාරුකා අක්කා තමයි ෆිල්ම් එකේ රිලීස් එනවුන්ස්මන්ට් එක අපිට කිව්වේ, 2018 දී. බෝහිමියන් රස්පෝඩි කියලා වැරදියට කියවගත්ත නම හරියටම බෝහිමියන් රප්සෝඩි කියලා නිවැරදි කරගත්තේ අවුරුදු දෙකකට පස්සේ මේ ලඟකදී ෆිල්ම් එක බලාගෙන මැද හරියටම ආවටත් පස්සේ. ෆිල්ම් එක පටන් ගන්නේ මං ආසම ෆෝමැට් දෙකකට; ඒ වර්තමාන තත්වයෙන් පටන් අරගෙන කතාව ෆ්ලෑෂ් බෑක් කිරීම සහ සත්‍ය ජීවිත කතාවක් වීම. The Imitation Game, Official Secrets, Collette, JT Le Roy වගේ ෆිල්ම්ස් වලට මං පුද්ගලිකව සෑහෙන්න කැමති ඒකමයි.

2018 දී තිරගත වුණු ‘බෝහිමියන් රප්සෝඩි කියන්නෙත් ඇත්ත කතාවක්. 70 දශකයේ බිහිවුණු ‘Queen කියන බ්‍රිතාන්‍ය රොක් බෑන්ඩ් එක සුපර්ස්ටාඩම් ලෙවල් එකට යන ගමනත්, එහි ප්‍රධාන ගායකයා වුණු ‘ෆ්‍රෙඩී මාර්කරි’ (Freddie Mercury) ගෙ, මුරණ්ඩුකම අහංකාරකම සහ ලිංගිකත්වය සම්බන්ධව ඇතිවෙන පුද්ගලික අරගලයන්ට මුහුණ දීමත් සිනමා නිර්මාණයෙන් කතා බහට ලක්වෙනවා. ‘ෆාරුක් බුල්සාරා’, ‘ෆ්‍රෙඩී මාර්කරි’ වෙන්නේ කොහොමද, වීක් එන්ඩ්ස් නයිට්ස් ප්ලේ කරපු පොඩි බෝයි බෑන්ඩ් එකක් ‘Queen කියන බ්‍රෑන්ඩ් එකෙන් එළියට එන්නේ කොහොමද, ඔවුන් සාර්ථක වෙන්නේ කොහොමද, සාර්ථකත්වය හැන්ඩ්ල් කරන්නේ කොහොමද, කණ්ඩායම ඇතුළේ තියෙන ආර්ගිව්මන්ට්ස් මොනවද, එතැනින් ෆ්‍රෙඩීට ලයිම් ලයිට් එක ලැබෙන්නේ කොහොමද, ෆ්‍රෙඩීගෙ ලව් ලයිෆ් එක, සෙක්ෂුවලි ටේස්ට් එක මොකද්ද.... ඒ හැමදේම චිත්‍රපටියේ අධ්‍යක්ෂකවරයා වුණු ‘බ්‍රයන් සිංගර්’ (Bryan Singer) අඩුවක් නැතිව ලුණු ඇඹුල් රහට ප්‍රේක්ෂකයාට පෙන්නලා තියෙනවා.

‘ෆ්‍රෙඩී’ කියන්නේ පර්ෆෙක්ෂනිස්ට් (Perfectionist) කෙනෙක්. හැමදේම කොලිටි එකට අවශ්‍ය කෙනෙක්. තදයෙක්, පණ්ඩිතයෙක්. හරියටම ‘ස්ටීව් ජොබ්ස්’ (Steve Jobs) වගේ. ඒ වගේම නිතරම වෙනස් වෙන්න උවමනා කරන කෙනෙක්. ඒ අර අපි රියැලිටි ෂෝ වල නිතරම අහන, ඊළඟ වටයේ වෙනසක් කරන්න පොරොන්දු වෙනවා වගේ එකක් නෙවෙයි. හැබෑම රිසක් ටේකර් කෙනෙක්. එයාට ඕනේ උනේ, ‘Queen’බෑන්ඩ් එක ගැන කිසිම මිනිසෙකුට නිර්වචනය කරන්න බැරි දෙයක් කරන්න. ‘Killer Queen’ සිංදුවෙන් පස්සේ ලෝකෙන්ම ලැබුණු ජනප්‍රියතාවය ඇල්ගොරිදම් එකක් කරගෙන රොක් පොප් කැටගරියේ ඉහළම ඉන්න පුළුවන් කම තියෙද්දී ෆ්‍රෙඩී, එයාගේත් බෑන්ඩ් එකෙත් තනි මතයට විනාඩි 6ක ඔපෙරා පීස් එකක් කරනවා ‘බෝහිමියන් රප්සෝඩි(Bohemian Rhapsody) කියන නමෙන්. ඒවගේම ටිකක් අමුතු ෆැෂන් සෙන්ස් එකක් තිබුණ පුද්ගලයෙක්. අඳින පළඳින විදියෙන් අපිට පුද්ගලයෙක්ව හරියටම නිගමනය කරන්න අමාරුයි. එහෙම බැලුවොත් බොලිවුඩයේ රන්වීර් සිං කියන්නේ ඒ වගේ ෆැෂන් රිස්ක් ගන්න පුද්ගලයෙක්. ලංකාවේ වස්ති අනුෂ්ක උදානත් මං දකින්නේ ඒ විදියට.

‘ෆ්‍රෙඩී මාර්කරි’ චරිතයට රංගනයෙන් පණ පොවන්නේ ඇමරිකානු රංගන ශිල්පියෙක් වෙන ‘රමී මලික්’ (Rami Malek) චිත්‍රපටිය පුරාවටම රමී, ඔහුගේ මුළු ශරීරයම, මුළු ආත්මයම ‘ෆ්‍රෙඩී’ වෙනුවෙන්ම ඉඩහසර වෙන් කරලා තියෙනවා. ඔහුගේ ඒ දැවැන්ත මහන්සියට වටිනාකම විදියට 2019 දී, 91 වැනි ඔස්කාර් සම්මාන උළෙලේදී පළමු වරට ‘හොඳම නළුවා’ (Best Leading Role) විදියට නොමිනේට් වෙනවා, ඒ විතරක් නෙවෙයි එයට හිමි සම්මානය ලබා ගන්නවා. ‘බෝහිමියන් රප්සෝඩි’ චිත්‍රපටියට වෙනත් සිනමා සම්මාන 44 ක් සමඟ නිර්දේශිත නාම 76ක් ලැබෙනවා. අදටත් ජනතා සම්මානය නොකඩවා ලැබෙනවා. 1991 දී ෆ්‍රෙඩී මාර්කරි, ඒඩ්ස් රෝගය වැළඳීම නිසා ජීවිතයෙන් සමුදෙන්නේ ලෝකයේම රසික හිත් බිඳලමින්. රිදම් ගිටාර් වාදක, බ්‍රයන් මේ, (Brian May) ඩ්‍රම් වාදක, රොජර් ටේලර් (Roger Taylor) බේස් ගිටාර් වාදක, ජෝන් ඩිකන් (John Deacon) තවමත් තමන්ගේ අතිජාත මිත්‍රයා, Queen කණ්ඩායමේ අයිකොනික් මුහුණ නොමැතිව දුක් වෙනවා. ඒත් ෆ්‍රෙඩීගෙ සංගීතය අදටත් අමරණීයයි, Queen සංගීත කණ්ඩායමේ සිංදු අදටත් අමරණීයයි. “We are the Champions, my friends – And we’ll keep on fighting till the end” මට තාමත් හිතා ගන්න බැරි, මගේ හිත බැඳුනේ ඔහුටද, ඔහුගේ මුරණ්ඩු කමටද, ඔහුගේ සංගීතයටද කියන එක ගැන. 

සදා අමරණීය සංගීතය ලෝකයාට ඉතිරි කළාට ෆ්‍රෙඩී, නුඹට ස්තුතියි !  

අනූ පෙරේරා | සිත්තම් මායා 
Siththam Maya | Anu Perera. Powered by Blogger.