Ads Top

මම ප්‍රේමය අත්වින්දා !

මන්දිරයට එපිටින් 
තවත් ලෝකයක් ඇති බව 
ජනෙල් කවුළුවෙන් මම දුටුවා 
සැමවිටම මම නුඹව 
මනසින් මවා ගත්තා 
මම, මමම නොවී වෙන අයුරකින් 
මන්දිරය තුළ ජීවත් වීම 
මම, මාවම මරා කෑමක් බව 
මට වැටහුණා 
ඩයරියේ වටිනාම පිටු මම 
නුඹ වෙනුවෙන්ම වෙන් කළා 
නුඹ බැඳ දමා තිබුණු දම්වැල් 
නුඹ මා වෙතට පැමිණීම වැලැක්වූවා 
දවසක, ඒ දම්වැල් වල හයිය 
මගේ ප්‍රේමයට පරාද වෙයි 
ප්‍රේමිය, 
නුඹ හරිම ආත්මාර්ථකාමියි 
නුඹව වළක්වපු දම්වැල් 
පැවතීමට නුසුදුසුයි 
විනාශය අභිමුඛව 
ඒවා පසුතැවිය යුතුයි 
නුඹට මම තවමත් 
ප්‍රේම කරමි 
නුඹ තවමත් 
මන්දිරය තුළය 
මම එපිටට වී 
නුඹ එනතුරු ම 
බලා හිඳිමි 
ප්‍රේමය, 
කිසිදා මිය යන්නේ නැත 
එනිසා...
නුඹට ප්‍රේම කළ මමද 
අමරණීය වූවෙමි ! 

රැහැන් මාරා | සිත්තම් මායා 

Siththam Maya | Anu Perera. Powered by Blogger.