Ads Top

Official Secrets !

‘කියාරා නයිට්ලි’ කියන්නේ, සබ් රෝල් එකක් එහෙම නැත්තම් කතා වීරයාගේ ගර්ල් ෆ්‍රෙන්ඩ් කියන කැටගරියෙන් මිදිලා ස්ට්‍රොන්ග් කැරක්ටර් එකක් විදියට තමන්ගේ හැකියාව ප්‍රේක්ෂකයාට ඉදිරිපත් කරන දක්ෂ රංගන ශිල්පිනියක්. අන්න ඒ චිත්‍රපටි තෝරාගැනීමත්, ඒ ඒ කැරක්ටර්ස් වලට දෙන සාධාරණයත්, සහ කියාරාගේ යුනික් දත් සැට් එක නිසාත් මේ දවස්වල පුද්ගලිකව මම ඇයට වශී වෙලා කිව්වොත් හරියටම හරි. ( මෙන්න මෙතැනින් මම දාන්නම් කියාරා එයාගේ දත් වලින් පෙන්නන විශේෂ කුසලතාවයේ යූටියුබ් ලින්ක් එකක් ) 

කතාව පටන් ගන්නේ මම චිත්‍රපටි බලන්න ආස විදියටම, ඒ කියන්නේ අග කෑල්ලක් මුලට දාලා, ප්‍රශ්නයක් පෙන්නලා, කුතුහලේ අවුස්සලා එක තැනකින් නවත්තලා, චිත්‍රපටියේ නම එහෙම දාලා වෙනම තැනකින් පටන් ගන්න විදියට. ඊටපස්සේ ඉවෙන්චුවලි ඒ අවසාන ෆ්‍රේම් එකටම ආයෙමත් ඕඩියන්ස් එක ගෙන යන විදියට. ‘Reverse Screenplay’ එකක් විදියට. පුද්ගලිකව ඒ ටයිප් එකේ චිත්‍රපටි වලට ප්‍රේක්ෂකයෙක් විදියට මම ලොකු දායකත්වයක් දෙනවා. ඩිරෙක්ටර් එක්කම ඒ ගැටළු වලට විසඳුම් හොයන්න නළු නිළියන් එක්ක සෘජුවම එන්ගේජ් වෙනවා වගේ හැඟීමක් මට දැනෙනවා. “How do you plead, Guilty or Not Guilty ? ” ඔෆීෂියල් සීක්‍රට්ස් පටන් ගන්නේ ඒ විදියකට, ‘කැතරීන් ගන්’ ට ලැබෙන කෝට් ඕඩර් එකක් විදියට. 

Official Secrets’ (ඔෆීෂියල් සික්‍රට්ස්), චිත්‍රපටිය රිලීස් උනේ 2019 දී, දකුණු අප්‍රිකානු සිනමාකරුවෙකු වුණු ‘Gavin Hood’ (ගැවින් හූඩ්) ගේ අධ්‍යක්ෂණයක් විදියට. මේක 2003 දී, ඉරාක යුද්ධය ඇතිවීම වැළක්වීමට, බ්‍රිතාන්‍ය රජයට එරෙහිව ක්‍රියා කළ ‘Katherine Theresa Gun’ (කැතරීන් තෙරේසා ගන්) (රංගනයෙන් Keira Knightley) කියන බ්‍රිතාන්‍ය බුද්ධි අංශ විශේෂඥවරියක් පාදක කරගත් සත්‍ය සිදුවීමක් ඇසුරෙන් නිර්මාණය කරන ලද සිනමා නිර්මාණයක්. 

(කැතරීන් ගන්, පින්තූරයෙන්)

ප්ලොට් එකට අනුව, ‘කැතරීන් ගන්’ කාර්යයේ නිරත වෙන එක් දිනයක එක්තරා සංවාදයක් ඇයව කම්පනයට පත් කරනවා. ඒ, ඇමරිකානු එක්සත් ජනපද රජය විසින්, ඉරාකයට එරෙහිව යුද්ධ කිරීමට පක්ෂව ඡන්දය ලබාගැනීමත්, එම යුද්ධය සඳහා සහය ලබාගැනීම සම්බන්ධවත් බ්‍රිතාන්‍ය රජයට එවන රහස් මැසේජ් එකක්. මෙය ලෝකයම යුධ සමයකට ඇද වැටෙනු ඇතැයි සිතූ ඇය මේ තොරතුර ජනමාධ්‍යවේදීන් හඳුනන ඇයගේ යාළුවෙකුට ලබා දෙනවා. (ලීක් කරනම අරමුණින්) 


සති කිහිපයකට පස්සේ, ‘The Observer’ නිව්ස්පේපර් එකේ මේක හෙඩ් ස්ටෝරි එක වෙනවා, ආර්ටිකල් එක ලියැවෙන්නේ එවකට ජනමාධ්‍යවේදියෙකු වුණු ‘Martin Bright’ (මාර්ටින් බ්‍රයිට්) අතින්. ( ‘Matt Smith’, මැට් ස්මිත් රංගනයෙන්) මේ නිව්ස් එක වයිරල් වෙනවා, එළිදරව්වක් වෙනවා, හැබැයි, ඇමරිකන් නිව්ස් වෙබ්සයිට් එකක් වුණු, ‘Drudge Report’ වලින් මේක බොරුවක් කියලා ඔප්පු කරන තුරු විතරක්. ඒකට හේතු වෙන්නේ American English Spellings සහ British English Spellings වල තියෙන වෙනස්කමක් නිසා. (උදාහරණයක් විදියට ඇමරිකන් ඉංග්ලිෂ් වලින් ‘Favor’ බ්‍රිටිෂ් ඉංග්ලිෂ් වලට එනකොට ‘Favour’ වෙනවා. ‘Color-Colour’, ‘Honor-Honour’ විදියට) චිත්‍රපටියට අනුව ඒ සීන් එක, ඕඩියන්ස් එකත් ‘oh shit’ කියලා කණගාටු වෙන මොහොතක්. 

මේ ද්‍රෝහී වීමට කැතරීන් කොටුවෙන්නට කලින්ම ඇය මේ වරද බාරගන්නවා, විකිපීඩියා පිටුවේ මේ සම්බන්ධව පුදුම ලස්සනට විස්තර කරලා තියෙනවා. වරදකාරී හැඟීමට නොයටව වරදක් කිරීමත්, අභිමානයෙන් එය භාර ගැනීමත් ලෙසට. ඇයව අත් අඩංගුවට ගැනෙන්නේ, පළමුවැනි වගන්තියේ පළමුවන උප වගන්තියට අනුව 1989 යේ ඔෆීෂියල් සීක්‍රට් පනත (Official Secret Act, 1989) කඩ කිරීම සම්බන්ධයෙන් ඊට එරෙහිව. (Official Secret පනත මගින්, ආරක්ෂක අංශ වල සහ බුද්ධි අංශ වල සේවකයින් හා හිටපු සේවකයින් දත්ත සහ තොරතුරු නීති විරෝධී ලෙස හෙළිදරව් කිරීම ආරක්ෂණය කරයි) 

කෙසේවෙතත් අවසානයේ ඇය නිදොස් කොට නිදහස් වන්නේ ගෞරවාන්විතව. අදටත් ‘කැතරින් ගන්’ ලෝකය බේරාගත් අප්‍රකට වීරවරියක්. ඒ චරිතයට, ‘කියාරා නයිට්ලි’ කළ විශිෂ්ඨ සාධාරණයක්. “Ms. Gun, You are free to go” ඩයලොග් එකෙන් පස්සේ තත්පර 24ක් පුරාවට සැනසීම, සතුට, වේදනාව පිටකිරීම, ස්තූතිවන්ත බව, නිවරදිකාමි හැඟීම, ජයග්‍රහණය, යුක්තිය, අවිශ්වාසයෙන් විශ්වාසයට පැමිණීම, බලාපොරොත්තුව, මේ හැම ඉමොෂන් එකක්ම, ඔව් හැම ඉමොෂන් එකක්ම ‘කියාරා’ ගෙ මූණෙන් හරිම ඩීටෙයිල්ඩ් විදියට පෙන්න්නට ඇය දක්ෂ වෙනවා. ඒකට අපිට ‘ප්‍රතිභාපූර්ණ රංගන හැකියාව’ කියන්නත් පුළුවනි. මේ අකුරු ‘කැතරීන්’ සහ ‘කියාරා’ වෙනුවෙන්ම ! 


Siththam Maya | Anu Perera. Powered by Blogger.