Ads Top

වැස්සට නොතෙමුණු මං !

මගේම කියා ලෝකයක 
තනිවුණු මම 
කුරීරු සමාජය හා ධනවාදය 
සමඟ ගැටෙමින් 
ජීවත් වීමට ආසා කරමි 
මිනිසුන් වැස්සට තෙමෙනවා බැලීමට 
මම මහත් සේ ප්‍රිය කරමි 
බඩට ලුණු කැඳ 
පුකට විල්ලුද සෙවූ 
මිනිසුන්ට මැදි වුණු මට 
අහිමි වෙන්නට දෙයක් නැත 
නුඹ වෙනුවෙන් මට 
නොකළ හැකි දෙයක් නැත 
මේ ලෝකයේ මා 
තදින් බැඳුනු එකම තැන 
නුඹම විය 
ඉතිං නුඹට සමු දිය යුතුය 
නුඹේ සතුට නුඹ සොයා යා යුතුය 
මගේ සතුට ඇත්තේ 
හුදෙකලාව සමඟය 
ඒ හුදෙකලාවෙන් මන්මත් වූ විට 
මම නුඹව මතක් කරමි 
කට කොනකින් සිනහ වෙමි 
නුඹේ සතුට වෙනුවෙන් 
මම නුඹව කැප කරමි 
මම නුඹට ප්‍රේම කරමි 
ඒ ප්‍රේමයේ ඇරඹුමත් 
අවසානයත් 
නුඹම පමණි 
ඉතිං නුඹට ආයුබෝවන් ! 

- රැහැන් මාරා | සිත්තම් මායා 
Siththam Maya | Anu Perera. Powered by Blogger.