Ads Top

නෑදෑයින් දුරින් සිටීම යහපත් ය !

ජන්මය ලැබිය යුත්තේ 
ජන්මයට අරුතක් එක් කිරීමට ය 
ආදරය ඊට කදිම ය 
මුග්ධ, මළ නොමළ 
සොම්බි ජීවිත වලට 
ආදරය දැනෙන්නේ නැත 
ආදරය ලැබිය යුත්තේ 
ආදරය දන්න උන්ට පමණ ය 
ආදරය කළ යුත්තේ 
පිරිමියාගේ හදවතට ය 
ආදරය කළ යුත්තේ 
ගැහැණියගේ ඇස් වලට ය 
ආදරය උපන්නේ 
පිරිමි පපුවේ ය 
ආදරය ජීවත් වන්නේ 
ගැහැණු ඇස් ඇතුළේ ය 
නෑදෑකම එසේ නොව,
එයට ඉපදීමක් 
හෝ මරණයක් නැත 
හමේ සෑදුන හොරියක් සේ එය 
දිගින් දිගට ම 
දිගින් දිගට ම 
ව්‍යාප්ත වන්නේ ය 
නෑදෑයින් සිටිය යුත්තේ 
අලුත් අවුරුද්දට නෑගම් යාමට ය 
ගොස් පාළු මකා ගැනීමට ය 
කුණු කන්දල් ලං කර ගැනීම 
ගඳ ගැසීම ට හේතුව ය 
එහෙයින් දුරින් සිටීම යහපත් ය 
ජන්මයට අර්ථය ආදරය ය 
ජන්මයට කරුමය නෑකම ය 

- රැහැන් මාරා | සිත්තම් මායා 
Siththam Maya | Anu Perera. Powered by Blogger.