Ads Top

"මේ අලුත් අවුරුද්ද ඔබ සැම සුවපත් වේවා !"


අපි මෙහෙම කරමු 
සමරමු බොහොම පොඩියට 
මෙදා පාර අළුත් අවුරුද්ද 
පාටි දාන ජොලි කරන 
මූඩ් එකක නැතුව 
රටම සුවපත් වෙන 
ලොවම සුවපත් වෙන 
අරමුණින් ආශිර්වාදයෙන් 
සිංහලයෝ එහෙමයි ! 
මට මතකයි 
ගිය අවුරුද්දේ පාස්කු සිදුවීමෙන් පස්සේ 
අපි බෝධි පූජා තියාපු හැටි 
කතෝලික හිතවතුන් වෙනුවෙන් 
වෙසක් ආලෝකකරණය නොකෙරූ හැටි 
මිනිස්සු එහෙමයි 
ජාති ආගම් බලන්නේ නැතුවම 
උවමනා වෙලාවේදී 
එකිනෙකා වෙනුවෙන් පෙනී ඉන්නවා 
එකිනෙකාව නියෝජනය කරනවා 
වෙනදා නැකත් උදා වෙනකොටත් 
සමහරවිට ඊට කලිනුත් 
අපි අවුරුදු ආතල් එක 
අවුරුදු ත්‍රිල් එක ගත්තේ 
ඒවා දැනුවත් කරගත්තේ 
රතිඤ්ඤාවක් දෙකක් පත්තු කරගෙන 
කොලොම්පුරේ ගෙවල් වල 
කොහොමද දන්නෑ 
මං ආසයි ඒකත් දැනගන්න 
ගමේ ගොඩේ අපේ ගෙවල් වල නම් 
එකම තරඟය එකම යුද්ධය 
ඔව්, පව් තමා පාරේ ඉන්න බල්ලෝ ටික 
උන්ට වේදනාත් ඇති සද්දෙට, 
හැබැයි මේ වතාවේ 
තාම මට ඇහුණේ නෑ 
එකම රතිඤ්ඤාවක සද්දය 
අවුරුදු උදාවට ඇහෙයිද දන්නෙත් නෑ 
පත්තු කරන්න මේ වතාවේ 
අපි රතිඤ්ඤා ගත්තෙත් නෑ 
ලංකාව හරි වෙනස් අන්නේකයි 
අනුන්ගේ විපත්ති වලදී 
හුරේ දාලා නටන ජාතියක් නෙවේ අපි 
"මේ අලුත් අවුරුද්ද ඔබ සැම සුවපත් වේවා !" 

- අනූ පෙරේරා | සිත්තම් මායා 
Siththam Maya | Anu Perera. Powered by Blogger.