Ads Top

මට හඬගාන හිතවතිය,

කොහේ හෝ තැනක හිඳ
මට හඬගාන හිතවතිය,
සැනසීම සොයා යන මාවත
පෙන්වන්න හඬගානවද?
වතුර බිඳු වැටුණු මුවේ
හීනියට ඇඳුණු හිනාව
කලකට පෙර සොහොන් පලක ලැග
මළවුන්ට කෙඳිරූ මමත්
සිගරට්ටුවෙන් පිටවන දුමත්
එකම මොහොතක වාතලයට
නික්ම යාමට නියමිතව සිට
මැරෙමින් යන ආත්මය
සිනහවෙන් සුවපත් කළ
පියවි සිහියත්
උමතු සිහිනයත් මැද
මංමුළා කරවන
නුඹ,
නුරාමත් රසායනය !

- රැහැන් මාරා | සිත්තම් මායා 

Siththam Maya | Anu Perera. Powered by Blogger.