Ads Top

ඔරිජිනල් ගංජාකාරයෙක් එක්ක

woman wearing white long-sleeved shirt

human rights වෙනුවෙන් 
කතා කරන මහත්තයෙකුට වැඩිය 
මං කැමතියි අල්ලාප සල්ලාපයේ යෙදෙන්න 
ඔරිජිනල් ගංජාකාරයෙක් එක්ක 
අම්මපා උන් හරිම 
open-minded 
no matter what 
උඹට පුළුවනි උන් එක්ක 
ඕනෑම ගැටළුවක් කතා කරන්ඩ 
without any judgment 
උන්ට තියෙනවා හොඳ සමාජ දැනුමක් 
හොඳ අවබෝධයක් 
හොඳ තේරුම් ගැනීමක් 
සංකර මහත්තුරුන්ට වැඩියෙන් 
'be yourself' 
කියලා පුප්පගෙන කෑගහන උන් එක්කමයි 
අපිට බැරි අපි අපිම වෙන්න 
මොකද අන්තිම මොහොතේ 
ඒක ගොසිප් එකක් කරගන්නේ 
අන්න ඒ මහත්තුරුමයි චීත්ත 
ලංකාව සංස්කෘතික රටක් ය, අපි රැඩිකල් ය වෙනුවට 
මානුෂිය හැඟීමකට ඉඩ දෙන තැනක් 
තියෙනවනම් මේ ලෝකේ මට පෙන්නන්න 
motivational දේවල් කියන උන්ම 
අමුවට be yourself බිහන්යිඩ් සීන් එක නිරුවත් කරනකොට 
ඉතිං එතැනින් මං කැමතියි 
ලිමිට් එකට ඔරිජිනල් ගංජා ගහන උන්ට 
ඒක හරියට, 
'ඒ බං මට සිගරට් එකක් ගහන්ඩ ආසයි කිව්වම' 
'දෙන්නේ කන පැලෙන්න' නොකියා 
'ඒ එපා බං සිගරට් වල මේ මේ දේවල් නිසා 
මොළයේ  මේ මේ දේවල් වල වෙනස් වෙනවා 
තාවකාලික පොඩි කික් එකකට 
පස්සේ අපිව ඇඩික්ට් කරගන්නවා බං' 
එතැන තිවුණා dopamine, nicotine තව තව 
කෙමිකල් රිඇක්ෂන් හෙන ගොඩ 
මං කැමතියි අන්න ඒ සයන්ටිෆික් විග්‍රහයට 
ගංජා ගහන එක එල බං නොකියා 
මං කැමතියි අගයන්න උන්ගේ හෙන සංසුන්බව ! 
marijuana වල සිරා වටිනාකම ගන්න උන්ව ! 

#අනුවා 

Siththam Maya | Anu Perera. Powered by Blogger.