Ads Top

vlog තනිකන්දෝසේට අවුරුද්දයි මිත්‍රවරුනි !


මිත්‍රවරුනි 
කාලය එතරම් ඉක්මනට ගෙවිලා ගිහිං 
ව්ලොග් එක නවත්තලා 
දැනට අවුරුද්දකුත් වෙලා 
හැමදාමත් ඔපීසි වලට කඹුරලා බෑ කියලා හිතුණු පාර 
හෙන ලොකු අයිස් කන්දක් කරේ තියාගෙනම 
උන්ගේ ඩේටා වලින්ම බලන්න ගත්තා 
මගේ පරණ ව්ලොග්ස් 33 ම 
එක හුස්මට 
වස්තුවේ ඒක වෙනම ආතල් එකක් 
පිස්සෙක් වගේ මම 
තනියම හිනා උනා 
තනියම දුක් උනා 
තනියම තනි උනා 
තනියම ආතල් එකක් ගත්තා 
කිව යුතුමයි උඹලට මෙහෙම 
අම්මපා මං ඒ වීඩියෝස් හැදුවේම 
සබ්ස්ක්‍රයිබ් බලාපොරොත්තුවෙන්ම නොවන බව 
මෙන්න මේ වගේ දවසක් ආවම 
මටම බලන්න බොල 
ඒත් කියාපල්ලා මට මේක 
ආයෙම මම කලොත් හොඳද ඒ පරණ ව්ලොග් එකම 
මං බලාන ඉන්නවා උඹලාගේ ඒ උත්තරය 
යට කොමෙන්ට් කරන්ඩ නැත්තං 
අර ඇස් වලින් හාර්ට් පනින ලව් එමොජියට මනාපය දෙන්ඩ 
එතකොට මං භාරගන්නම් 
හිස් මුදුනෙන්ම 
උඹලාගේ ඒ බොක්කෙන් ආ ආදරය 
හා ද ? ඈ, හා ද ? 

#අනුවා 

Siththam Maya | Anu Perera. Powered by Blogger.