Ads Top

පලයන් රිලවී කියන අය අත උස්සන්ඩ !

people waiting for the concert to start

මට මග අරුණා ගොඩක් දේවල් 
හිතලම මග ඇරියා ගොඩාක් දේවල් 
ඒකට හේතු, you name em 
මම බාරගන්නම් 
උඹේ පැත්තෙන් ඇත්තටම ඒ දේවල් හරි වෙන්න පුළුවන් 
හැබැයි බං 
මගේ පැත්තෙනුත් මම ඇත්තටම හරි වෙන්න පුළුවන් 
වෙනදා හැමදේම කියාගෙන හිටි උඹව 
එක පාරට මග ඇරෙන්න ගනිද්දී 
ඔව් මට තේරෙනවා උඹේ තරහා සාධාරණයි 
හැබැයි after all 
මම ආයේ ඒ පරණ අවකාශෙට පය තියද්දි 
ලෝක යුද්ධ සංග්‍රාමය redefine කර කර 
රණ්ඩු වේවි, අනුවා මං උඹට ආදරෙයි බං කියන උන්ට 
ඇත්තටම මගේ හිත ආදරෙයි 
ඒ නිසා ඒ මග ඇරීමෙන් 
මං හිතනවා මට සෙතක් උනා කියලා 
බොරුවට පණට පණ හිටි උන් 
අද මට එකෙක්වත් නෑ දැන් 
වරෙන් සමරන්ඩ ඒක බෝතලයක් අරන් බං 
මට හිතෙනවා තියාපු විබාගයක් ද ඒක මං 
උඹ ඒ ව්‍යාජ යාළුවා නම් 
උඹට මේකට රිදේවි තරහා යාවි ගඩු ගනීවි 
හැබැයි ඒම නෙවෙයි නම් 
මේ අන්තිම අකුරු ටිකත් කියෝගෙනම 
උඹ කියයි මට 
අනේ පලයන් රිලවී යන්ඩ, මං උඹට ආදරෙයි කියලා 
කෝ බලන්ඩ ඒ අය තැන නොතැන නොබලා 
මට හායි පාරක් දාගෙන යන්ඩ 
ඒ නැතත් ආදරෙන් හිනා වෙන්ඩ 
ඒක පේන්නේ නැති වෙයි 
හැබැයි ඒක මට දැනෙයි ! 
ආදරෙයි උන්ට පැලෙන්ඩ ! 

#අනුවා 

Siththam Maya | Anu Perera. Powered by Blogger.