Ads Top

ඔසී ගිණි දැන්වත් නිවෙන්න ! Pray for Australia 🙏


අක්කර මිලියන පහළොවක් මදිද නුඹට 
තවත් ඕනෑද බිල්ලට ජීවිත 
උන් විඳවනවා 
අපි මෙහෙ හූල්ලනවා 
හෙටටත් අපිට ඕනෑ කියන්නට 
ඔස්ට්‍රේලියාව නොවේ 
අපිට එය කැන්ගරු දේශය 
බෝල බැට් තරඟයෙන් විතරමයි 
තිවුණේ බොරු තරහා අපි දෙගොල්ලොන්ට 
ලෝකයා කියන්නේ නුඹ දවා ගත් කොටස 
ලොකුයිලු බෙල්ජියමටත් හයිටි අධිරාජයටත් වැඩිය 
නුඹේ රස්නේ පපුව තුළ 
වාෂ්පය කාන්දු වෙන්නෙම නැද්ද ?
අහිංසක කෝආලා 
එදිරි උනාද නුඹේ වචනෙට 
කැන්ගරුවන්, වන සතුන් 
කැඩුවා ද නුඹේ සොබාදම් නීතිය 
මිනිස් තිරිසනාගෙන් වෙන්නැති අයහපත නුඹට 
ඒත් පළිගන්න හැකිද දුෂ්ඨව මේ විදියට 
දහසකට වැඩියෙන් හිසට හිමි නැති කළ එකට 
දැන්නම් නැවත්තිය යුතුමයි නුඹ 
ආදරණීය ගිණි දෙවියනි 
නුඹට මේ කන්නලව්ව 
ලංකාවෙකුගෙන් පිටස්තර ! 

#අනුවා 

Siththam Maya | Anu Perera. Powered by Blogger.