Ads Top

ජිවිතයට ඉඩ දෙන්න ! Hustle

blue wake up kick ass repeat neon sign

උඹට දැනිලා තියෙනවාද ?
කරන කරන වැඩේ චකබ්ලාස් වෙන 
හිතන හිතන පැලෑන චොර වෙන 
ඒ කාලකන්ණි හැඟීම 
නැවත නැවතත් ඒ ගොන් වැඩයම 
කරන හරි ක්‍රියේටිව් විදියට 
ඒක එහෙම නම් 
well, අපි එතැනින් පටන් ගමු 
මං හිතනවා 
නෑ මං විශ්වාස කරනවා 
උඹට හැකියි මේ ලෝකෙට 
නවෝත්පාදනයක් කරන්ඩ 
8-5 රස්සා කරන උඹේම හිතවතාගේ 
ඒකාකාරී ජීවිතය වෙනස් කරන්ඩ 
අළුත් ගැජට් එකක් බිහිකරන්ඩ 
අවුරුදු ගාණක් ආප්පස්සට කල්පනා කරද්දී 
උඹට හිතෙනවා නම් 
වයස විතරද අඩේ ගිහිං තියෙන්නේ කියලා 
උඹ ට්‍රයි කරපු හැමදේම 
ලෝකයා නොදැනම 
මිහිදන් කළා නම් මහා පොළවට 
මං කරන්නං උඹට පොඩි යෝජනාවක් ! 
දැන් කර උඩ දාගෙන ඉන්න 
හැම කෙහෙල්මලම්ම හැම මඟුලම 
තියාපන් ටිකක් බිමින් 
එතකොට වටේ උන් අහයි 
ඇයි බං මොකද අවුල ? කියාපන් අපි ඉන්නවනේ උඹට, 
විශ්වාස නොකරපන් 
සත්තකින්ම ඒ අහන්නේ උන් උඹට ආදරේට නෙවේ 
උන්ට උඹේ අළුත් ගති පැවතුමට හුරු වෙන්න බැරි තැන 
හිතාපන් උඹ ඉපදුන හේතුව 
සිත්තර අඳින්න ද, ඇඳපන් 
සිනමාව වෙනුවෙන් ද, 
කරපං ලාභ ලබන කොලිටි සිනමාව 
චායාරූප ගන්නද,
ගනින් පොටෝම දබර ඇඟිල්ල ඇද වෙනකම්ම 
රජයේ සේවකයෙක් වෙන්නද, 
වෙයන් අයිස් නොගහන හම්බකරන රාජ්‍ය සේවාව 
පිටරට ආයතනයේ රැකියාවද, 
ගෙනෙන් මේ රටට විදේශ විනිමය 
තමන්ගේ පොඩි රැකියාව ද, 
උඹම බොස් වෙයන් උඹම අතු ගාපන් ඒක 
දායක වෙයන් මේ රටේ production එකට 
ලේසියට අත අරින්න දෙයක් 
පටන් ගන්නට කලියෙන් 
හම්බ කරපං 
උඹට උඹේ ආසාව වෙනුවෙන් 
ආයෝජනය කරන්ඩ හැකිවෙනකම් 
අද ඒකට අපි ලස්සන වචනයක් කියනවා 
Side - Hustle 
වැඩිහිටියෝ දෙමාපියෝ කියා නොදුන්න 
මටම අන්තර්ජාලයෙන් හොයාගන්නට වුණු 
මං ආසම වචනයක් ඒක ! 
හැකිනම් ලෝබ නැතුව share කරපං 
උඹේ උණ තියෙන හිතවතාට ! 

සිත්තම් මායා | අනුවා 

Siththam Maya | Anu Perera. Powered by Blogger.