Ads Top

කේන්දරේ තියමුද රාළහාමි බිමින් !

minimalist photography of man and woman jumping in front of tube wall

අනේ මන්දා රාළහාමි ඔයත් 
හරි හරියට කළබල වෙලානේ දැන් 
ඔව් ඔව් තේරෙනවා නොතේරෙනවා 
ගෙවිලා යන හැටි මගේ වයස හොරාට මටත් 
පෙරේරා රාළහාමිගේ එකම දුවගේ මංගල්ලේ 
ගමු සමරමු අපි දවස් 07 ක් 
ඒත් එකම එක පරහක් 
දැන්වත් තියන්න හැකිද ඔය 
කේන්දර කෝන්දර බිමින් ටිකක් 
බැරි වුණා මට බැඳගන්ඩ 
ඉස්ට කරන්ඩ උඹේ ආසාවෙන් ටිකක් 
නොතිවුණා නොවේද 
කේන්දරේ සබඳකම් තුනකට තිතක් 
ඇයි ඒ විතරක් ද 
උඹ ගෙනා මංගල යෝජනා පහක් 
අමු අමුවේ මරා දමන්නට සිදු වුණා 
සමාවෙයන් මටත් 
උඹේ දෝණියන්දට 
හරියන්නෑ 
ගල් යුගයේ මමයි පිරිමියා කියන 
පිරිමි පුළුටක් 
ගෑණි ඉන්නේ උයන්න ගෙදර වැඩ පලට කියන 
ටයි කෝට් දාන අමු ගොඩයෙක් 
රැඩිකල් ගගා මෝඩ ආතල් එහෙකට අඬන 
හොටු කොල්ලෙක් 
ආදරයේ නාමයෙන් අත පය කපාගන්න  
අධි රොමෑන්ටික් පොඩි එකෙක් 
ඒකි කැමති 
creative, updated mindset එකක් තියෙන 
modern, practical 
ටිකක් මොංගල් එකෙකුට ආයුබෝවන්ඩ ! 

#අනුවා 

Siththam Maya | Anu Perera. Powered by Blogger.